Author: Dhanushka

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවය. ක්‍රිස් සිල්වර්වුඩ් පසුගිය 2022 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවා.

තව කියවන්​න

පාකිස්ථානයේ පවතින අධික උෂ්ණාධික තතත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 568 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් දෛනිකව පුද්ගල මළසිරුරු 30 සිට 40 දක්වා රෝහල්වල මෘත ශරීරාගාර වෙත රැගෙන එන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වන බවයි සඳහන් වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වන වැඩිම පුද්ගලයන් අවුරුදු 60 ත් 70 ත් අතර වයස්වල පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

නවතම පන්දුවාර 20 යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණ ගැනීමට ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබෙනවා. ඒ, පසුගිය දෙසැම්බර් මාසයේ සිට පළමු ස්ථානයේ සිටි ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් දෙවන ස්ථානයට ඇද දමමින්. පිල් සෝල්ට් තෙවන ස්ථානය දක්වාත්, බාබර් අසාම් සිව් වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.

තව කියවන්​න

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත්ව තිබෙනවා. අදාළ චෝදනා එල්ල කරමින් පෙත්සම වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසිනුයි ගොනුකර ඇත්තේ. අදාළ පෙත්සම ප්‍රීතිපත්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් දෙදෙනා මෙලෙස ඉවත් වීමටයි කටයුතු කරනු ලැබුවේ.

තව කියවන්​න

රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියාවේ මොස්කව් අගනුවර පිහිටා ඇති කාර්යාල ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. ගින්නට හසු වූ එක් පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

තව කියවන්​න

පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම්වලට එකඟතාවයකට පැමිණ තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සදහන් කළේ අමෙරිකානු ඩොලර් බිලියන 5.8 ක විදේශ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගතකරණයට මෙලෙස එකඟතාවය හිමිව ඇති බවයි. අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා එක්ව සිටිනවා.

තව කියවන්​න

බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබෙනවා. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බවද වාර්තා වනවා. පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩි තබා ඇති බවද සඳහන්.

තව කියවන්​න

ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවත් ඉහළ පෙළේ රුසියානු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වැලරි ජිරාසිමොව් අත්අඩංගුවට ගැනීමටයි මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ. රුසියාව, යුක්‍රේනයේ සිදුකරන යුද මෙහෙයුම් අතරතුරදී අදාළ නිලධාරීන් දෙදෙනා යුද අපරාධ හා මානුෂි්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවන් පවසනවා.

තව කියවන්​න

102 වන ජාතික මලල ක්‍රිඩා උළෙලේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රමනායක සමත් වුණා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩංගනයේදීයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ. එම තරග ඉසව්වේ පිරිමි රන් පදක්කම දිනා ගැනීමට අරුණ දර්ශන සමත් වී තිබෙනවා.

තව කියවන්​න

ගුරු විදුහල්පති විරෝධතාවයට පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමිව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද කොටුව දුම්රිය ස්ථානය අසල විරෝධතාවක නිරත වුණා. එහිදි විරෝධතාවට එක්ව සිටි පිරිස් පාලනය කිරීම සදහායි පොලිසිය විසින් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයන් එල්ල කර ඇත්තේ.

තව කියවන්​න