Author: Dhanushka

මෙම වසරේ ජූනි මාසය වන විට සූර්්‍ය බලශක්තියෙන් මෙගා වොට් 1000 ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. වහල මත සවි කළ සූර්්‍ය පැනල සහ භූමිය මත සවි කළ සූර්්‍ය පැනල මත බලශක්ති ප්‍රමාණය ඉහළ ගිය බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. වහළ මත සවි කළ සූර්්‍ය පැනල හරහා වාර්ෂිකව අළුතින් මෙගාවොට් 150 ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

ග්‍රාම නිලධාරින් අද සහ හෙට යන දෙදින තුළ සේවයෙන් ඉවත් වී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා. 2016 වසරෙන් පසු වැඩි නොකළ ගමන් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව වැඩිකරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ. එම සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අමතරව මෙලෙස සේවයෙන් ඉවත්වීමේ ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.

තව කියවන්​න

වසරේ ගෙවුනු කාලය තුළ ඩෙංගු රෝගීන් 27,639ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළා. පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී රෝගී සංඛ්‍යාව වර්ධනය විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ

තව කියවන්​න

පළාත් පාලන ආයතනවල සිටින සු`ඵ සේවකයින්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකටයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ. ඒ අනුව පළාත් පාලන ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයින් 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතයි.

තව කියවන්​න

මතභේදාත්මක මූල්‍ය පනත් කෙටුම්පත හකුලා ගැනීමට කෙන්යානු රජය තීරණය කර තිබෙනවා. කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. කෙන්යානු බදු ක්‍රමවේදය සංශෝධනය කිරීමට නව පනත් කෙටුම්පතේ යෝජනා කර තිබුණා. ඊට එරෙහිව කෙන්යාවේ විරෝධතා ආරම්භ වූ අතර එරට පාර්ලිමේන්තුවේ කොටසක් ද ගිනි තැබීමට උද්ඝෝෂකයින් කටයුතු කර තිබුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවය. ක්‍රිස් සිල්වර්වුඩ් පසුගිය 2022 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවා.

තව කියවන්​න

පාකිස්ථානයේ පවතින අධික උෂ්ණාධික තතත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 568 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් දෛනිකව පුද්ගල මළසිරුරු 30 සිට 40 දක්වා රෝහල්වල මෘත ශරීරාගාර වෙත රැගෙන එන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වන බවයි සඳහන් වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වන වැඩිම පුද්ගලයන් අවුරුදු 60 ත් 70 ත් අතර වයස්වල පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

නවතම පන්දුවාර 20 යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණ ගැනීමට ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබෙනවා. ඒ, පසුගිය දෙසැම්බර් මාසයේ සිට පළමු ස්ථානයේ සිටි ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් දෙවන ස්ථානයට ඇද දමමින්. පිල් සෝල්ට් තෙවන ස්ථානය දක්වාත්, බාබර් අසාම් සිව් වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.

තව කියවන්​න

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත්ව තිබෙනවා. අදාළ චෝදනා එල්ල කරමින් පෙත්සම වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසිනුයි ගොනුකර ඇත්තේ. අදාළ පෙත්සම ප්‍රීතිපත්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් දෙදෙනා මෙලෙස ඉවත් වීමටයි කටයුතු කරනු ලැබුවේ.

තව කියවන්​න

රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියාවේ මොස්කව් අගනුවර පිහිටා ඇති කාර්යාල ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. ගින්නට හසු වූ එක් පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

තව කියවන්​න