- රෙන්ට් එක ගත්ත බයික් හොරෙන්ම විකුණූ අයෙක් අල්ලයි
- බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
- දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
Author: Dhanushka
ලංකා අයි.ඕ.සී.සමාගමට අයත් ඉන්ධනවල මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 11 කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 41 කින් සහ සුපර් ඩීසල් මිල රුපියල් 22 කින් අඩුකර තිබෙනවා. මෙම මිල ගණන් වලට අනුව සයිනොපෙක් සමාගමද ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි පියවර ගනු ලැබුවේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණා. මෙම සංශෝධනය යටතේ ඉන්ධන වර්ග 3 ක මිල අඩු වී ඇති අතර ඉන්ධන වර්ග 2 ක මිල නොවෙනස්ව පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඒ අනුව…
වැඩබලන නීතිපතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ විශ්‍රාම යාමෙන් පසුවයි වැඩබලන නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතා පත්කර ඇත්තේ. හිටපු නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබුණා. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ එම නිර්දේශය අවස්ථා දෙකකදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
“ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා රැගත් නාවික හමුදාවේ “විජයබාහු” නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ධීවරයා ප්‍රතිකාර සදහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. තංගල්ල ධීවර වරායෙන් ධිවරයින් 6 දෙනෙකු සමඟ පසුගියදා මුහුදු ගිය ඩෙවෝන් යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු විෂ ද්‍රව්‍යක් පානය කිරීමෙන් මියගොස් තිබුණා. කෙසේ වෙතත් රෝගාතුරුව සිටි ධීවරයා සිංගප්පූරු ධජය සහිත වෙළද නෞකාවක් විසින් බේරාගෙන තිබූ අතර පසුව නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ඔහුව භාර දී තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් එල්පීඑල් තරගාවලිය සදහා නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව සෑම ඉනිමකම අවසාන පන්දුවාරවලදී තවත් පවර් ප්ලේ අවස්ථාවක් හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ. පන්දුවාර 2 කින් සමන්විත මෙම පවර් ප්ලේ අවස්ථාව “පවර් බ්ලාස්ටර්” පන්දුවාර ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව පවර් ප්ලේ අවස්ථාව ලෙස මෙතෙක් සැලකූ ඉනිමක පළමු පන්දුවාර 6 ට අමතරව සෑම ඉනිමකම 16 වන සහ 17 වන පන්දුවාර මෙලෙස පවර් බ්ලාස්ට් පන්දුවාර ලෙස නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ. එම පන්දුවාර 2 තුළදී යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැකි වන්නේ පන්දු රකින්නන් සිව් දෙනෙකු පමණයි.
මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සදහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා. ඒ අනුව පවත්වන ඕනෑම මැතිවරණයක් සඳහා මුද්‍රණාල දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි ඇය සඳහන් කළේ. ලබන සැප්තැම්බර් 17 වන දා සහ ඔක්තෝම්බර 16 වන දා අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බව පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපලේ වහළයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර රථ වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ගුවන් තොටුපළේ පිහිටි රථ ගාලේ වහළය අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස කඩාවැටීමට ලක්ව තිබුණා. ඉන්දීය රුපියල් බිලියනයක වියදමින් පසුගිය මාර්තු මාසයේදී මෙම ගුවන් පර්යන්තය ප්‍රතිසංස්කරණය කර විවෘත කරනු ලැබුවා.
සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් පස්වරු 6.30 ට මෙම තරඟය ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. දෙරට අතර එක්දින තරඟ 3 ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
රජයේ විධායක නිලධාරින්ට ලබාදෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ. ලබන මස පළමුවනදා සිට නව සංශෝධනය ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් මේ හරහා සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණු බවයි රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ.
රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් සාමූහික ගිවිසුම කප්පාදුවට එරෙහිව අද කළු විරෝධතා දිනයක් ලෙස නම් කරන බව ලංකා බැංකු සේවක සංගමය සදහන් කරනවා. ඒ අනුව අද දිනයේදී රාජ්‍ය බැංකු 04ක සේවකයන් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමේ වෘත්තය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි එම සංගමය සඳහන් කළේ. මීට අමතරව අද පස්වරු 12.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී බැංකු සේවකයන් විසින් කළු විරෝධතාවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා. ඒ අනුව ලබන 10 වන දා දක්වා දෙවන අදියරේ ඇගයීම් සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍රවලින් සියයට 80 ක් පමණ පරීක්ෂා කර අවසන් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















