- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
Author: Dhanushka
යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන වැසියන් ගණන මිලියන 2 කට ආසන්න බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එය ගාසා තීරයේ ජීවත් වන සමස්ත ජනගහනයෙන් සියයට 80 ක ප්‍රතිශතයක් බවයි ජගත් සංවිධානය සඳහන් කළේ. පසුගිය දිනවල ඇති වූ යුද ගැටුම් හමුවේ තවත් මිලියනයක පමණ පිරිසක් අවතැන්ව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. ප්‍රහාර එල්ල වූ ප්‍රදේශවලට ආහාර නොලැබීම හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙත ආහාර, ඖෂධ සහ නවාතැන් පහසුකම් සපයා ගැනීමට දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා.
යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය සිදු වූ ගින්නකින් පුද්ගලියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද අ`ඵයම එම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගින්නෙන් 50 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ගින්නෙන් වතු නිවාස 3 කට හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරින්නනේද, නැද්ද යන නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද 02 නියෝග කළා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කලා. ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජූලි මස 15 වනදාට පෙර ගොනුකිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නා.
සිඩ්නි විශ්වවිද්‍යාලය තුළ පිහි ඇනුමක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල්ගත කර තිබෙනවා.
යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබෙනවා. වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණා. එම ව්‍යාපෘතිය වසර තුනකදී නිම කළ යුතුව තිබූ නමුත් මතුවූ මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලසීමාව 2024 ජුනි දක්වා දීර්ඝ කරනු ලැබුවා.
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා. එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබෙනවා. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශයල හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වනවා. මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල්දමා තිබෙනවා.
පොතුවිල් – අක්කරෙපත්තුව මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් ඊශ්‍රායල් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි ඊශ්‍රායල් ජාතිකයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසනවා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලු සඳහා විසඳුම් අද හෝ හෙට දිනයන් ඇතුළත ලබාදීමට බලධාරීන් එකඟ වූ බවයි.
දකුණු කොරියාවේ සෝල් අගනුවරදී සිදු වූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ මෝටර් රථය වැරදි දිශාවෙන් ධාවනය කර ඇති අතර වාහන 02 ක ගැටී පදිකයින් පිරිසකගේ ද ඇඟේ ගැටී ඇති බව සඳහන්. අනතුරු සිදුවූ ස්ථානයේදීම පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ පිළිබදව පාර්ලිමේන්තුවට අද දින දැනුම් දෙනු ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















