Author: Dhanushka

හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඩු ජනගහනයක් සිටින ඊශ්‍රායලයේ ගෝලාස් හයිට්ස් ප්‍රදේශයට රොකට් ප්‍රහාර 100 ක් පමණ එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලය සඳහන් කළේ එම රොකට් ප්‍රහාර හමුවේ කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි.

තව කියවන්​න

මාදම්පේ ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. බස් රථයක් සහ ලොරි රථයක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මාදම්පේ පොලිසිය පවසන්නේ. අනතුරට සම්බන්ද බස් රතය හලාවත ඩිපෝවට අයත් බවයි පොලිසිය සදහන් කලේ.

තව කියවන්​න

වායු දූෂණය වෙනුවෙන් ඉන්දියාව තුළ වසරකට පුද්ගල මරණ 33,000 ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබෙනවා. ප්‍රකට සඟරාවක් මඟින් නිකුත් කළ වාර්තාවක් මගිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ. ඉන්දියාවේ නගර 10 ක් තුළ වායු දූෂණය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

අල්ලස් චෝදනා එල්ල වූ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකුයි. අගරු චෙක්පත් දෙකකට අදාල පැමිණිල්ලක් විභාග කිරීම සදහා සැකකාර පොලිස් පරික්ෂකවරයා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගෙන තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

තව කියවන්​න

වයස අවුරුදු 12 න් පහළ දරුවන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද දිනයේදී අවස්ථාව ලබා දී තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළේ දෙහිවල සත්වෝද්‍යානයේ 88 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම අවස්ථාව ලබා දී ඇති බවයි. 1936 වසරේ ජූලි මස 03 වන දා රාජ්‍ය ආයතනයක් ලෙස දෙහිවල සත්වෝද්‍යානය රජයට පවරාගෙන තිබෙනවා. අක්කර 62 ක භූමි භාගයක විහිදි ඇති මෙම සත්වෝද්‍යානයේ දේශීය සහ විදේශීය සත්ව විශේෂ 220 කට අධික ප්‍රමාණයක් නැරඹීමේ හැකියාව පවතිනවා.

තව කියවන්​න

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝපබෝගි නිවාස සංකීර්ණයක් වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇදවැටී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි වියේ පසුවන සිසුවෙකු හා සිසුවියක් බවයි. පාසල් වේලාවෙන් පසුව එම ගොඩනැගිල්ලේ පැවති සාදයකට මෙම දරුවන් දෙදෙනා සහභාගි වී තිබෙනවා. එමෙන්ම අදාළ සාදයට සිසුන් 100 ක් පමණ පැමිණ ඇති බවද සඳහන්. මෙම සිසුවිය හා සිසුවා අදාළ ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බවට පොලිසිය සැක පළ කරනවා. අදාළ සිසුවිය සහ සිසුවා වැල්ලවත් සහ කැළණිය ප්‍රදේශවල පදිංචි වූවන් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. අදාළ සිදුවීම පිළිබදව කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් වැඩිදුරට විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන වැසියන් ගණන මිලියන 2 කට ආසන්න බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එය ගාසා තීරයේ ජීවත් වන සමස්ත ජනගහනයෙන් සියයට 80 ක ප්‍රතිශතයක් බවයි ජගත් සංවිධානය සඳහන් කළේ. පසුගිය දිනවල ඇති වූ යුද ගැටුම් හමුවේ තවත් මිලියනයක පමණ පිරිසක් කුසගින්නෙන් පීඩාවට පත්වන බවද සදහන්. එමෙන්ම ප්‍රහාර එල්ල වූ ප්‍රදේශවලට සහන සේවා නොමැති වීම හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙත ආහාර, ඖෂධ සහ නවාතැන් පහසුකම් සපයා ගැනීමට ද නොහැකි අර්බුදකාරි තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය හමු වී තිබෙනවා. ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යූහගතකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෑතකාලිනව ගෙන ඇති උත්සහයන් සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍යවරිය එම අවස්ථාවේදී සිය ප්‍රසංශාව එක් කර ඇති බව සදහන්. එමෙන්ම ටෝකියෝ හි පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර මානව සම්පත් හුවමාරුව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි

තව කියවන්​න

පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 17 ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරමින් මෙම වසරේ මේ දක්වා සුරා බදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 105 ක වාර්තාගත ආදායමක් රැස් කරගෙන තිබෙනවා. සුරාබදු කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ ජුනි 30 වනදා වන විට සුරාබදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්කයට ළඟා වූ බවයි.

තව කියවන්​න