Author: Dhanushka

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගනු ලැබුවා. පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර ඔහු එම කටයුත්ත සිදුකළේ ඉන් අනතුරුවයි

තව කියවන්​න

චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් චීන විද්්‍යුත් වාහනවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි යුරෝපා සංගමය පවසන්නේ. එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

තව කියවන්​න

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3 කට අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනුයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ. එම ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියන 97 කට අධික බව සඳහන්.

තව කියවන්​න

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. අද උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබුණා. මේ හේතුවෙන් එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කර මෙම තීරණය ගෙන තිබෙනවා.

තව කියවන්​න

ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද පැවැත්වෙනවා. පසුගියදා පැවති පළමුවන වටයට ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුණා. මේ අනුව දෙවන වටය පැවැත්වෙන්නේ, පළමු වටයෙන් වැඩි ඡන්ද දිනා ගත් අපේක්ෂකයන් දෙදෙනා වන මසූද් පෙසෙස්කියන් සහ සහීද් ජලීල් අතරයි.

තව කියවන්​න

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. ගින්න, අවට වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙනුයි මෙලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත්තේ. ගින්න මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නොමැති බවයි වාර්තා වන්නේ. අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50 ක් පමණ පවතින බැවින් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇති බවය පොලීසිය සදහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

තව කියවන්​න

රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවද අද විරෝධතාවක නිරත වනවා. ක`ඵ පටි පැළඳ අද දිනයේ රාජකාරි සිදු කිරීමටයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව සදහන් කළේ.

තව කියවන්​න

රේගු නිලධාරින් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. සිය ඉල්ලීම්වලට බලධාරින් නිසි විසඳුම් ලබානොදීමට විරෝධයක් පළ කිරීමක් ලෙසයි ඔවුන් අසනීප නිවාඩු වාර්තා කර ඇත්තේ. මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට දිනය තුළද ක්‍රියාත්මක බව රේගු නිලධාරින්ගේ සංගමය සදහන් කළා.

තව කියවන්​න

සිර දඬුවම් නියම වී තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ අභියාචනයට නීතිපතිවරයා විරෝධය පළ කර තිබෙනවා. අදාළ අභියාචන පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදි නීතිපතිවරයා ඊට විරෝධය පළ කරන බව අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පෙත්සම යළි ලබන 11 වන දා කැඳවීමට නියෝග කළා.

තව කියවන්​න

මෙම වසර තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බවට රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බවයි. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ව්‍යාපාරිකයෙකු විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

තව කියවන්​න