Author: Dhanushka
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වනවා. ඒ අනුව තමා රාජකාරී සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පසුගිය ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 යන දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යංශය සඳහන් කළේ නැවත පාසල් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වන දා බවයි. 2024 මහ මැතිවරණය ලබන 14 වන දා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් එළඹෙන 12 වන දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු වනවා. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීම පිළිබදව සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙනවා.
වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ මේ වනවිට මෙරටින් සරම්ප රෝගීන් 1100ක් පමණ වාර්තා වී ඇති බවයි. ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වන නමුත්, 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
සංචරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වනවා. ඒ අනුව රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ චරිත් අසලංකයි. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයම මෙම තරගාවලිය සදහා නම් කර තිබෙනවා. තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ මීලග තරගය ලබන 10 වනදා සහ පළමු එක්දින තරගය 13 දා රන්ගිරි දඹුල් ක්‍රිඩාංගයේදි පැවැත්වීමට නියමිතයි.
මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයක අතහැර දමන ලද ට්‍රක් රථයක් තුළ තිබී පුද්ගලයින් 11 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ගෙන තිබෙනවා. ඒ අතර, ළමුන් දෙදෙනෙකුගේ සිරුරු ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සෝමාලියානු රජය විසින් අමෙරිකාවට ගෙවීමට තිබූ ඩොලර් බිලියන 1.1 කට වැඩි ණය ප්‍රමාණයක් අවලගු කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. එම ණය ප්‍රමාණය සෝමාලියාව විසින් විදේශ රටවලට ගෙවීමට ඇති ණය මුදලෙන් හතරෙන් එකක කොටසක් වනවා. දිගුකාලීන අර්බුද රැසකට මුහුණ දී සිටින සෝමාලියාවට මෙය මහත් අස්වැසිල්ලක් බවයි සොමාලියානු ජනාධිපති, හසන් ෂෙයික් මොහොමඩ් සදහන් කළේ. දශක තුනකට අධික කාලයක් පවතින සිවිල් යුද ගැටුම් හමුවේ සෝමාලියාව, සාගතය ඇතුළු දරුණු ව්‍යවසනයන් රැසකට මේ වනවිට මුහුණ දී සිටිනවා.
එළඹෙන 14 වන දා පාර්ලිමේන්තුවේ සිටි සොරුන්ල දූෂකයින් පළවා හරින ඓතිහාසික දිනයක් වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවාග ගම්පොල පැවති ජනරැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාග
වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රරෑලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි. එම යෝජනාව සහිත නව නීති එළැඹෙන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව ඔස්ට්‍රරෑලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසීය. ඔස්ට්‍රරෑලියානු දරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හානි අවම කිරීම සඳහා මෙම නව නීති ගෙන එන බව සඳහන් ය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන් ධුරයෙන් නෙරපීමත් සමග එරට විරෝධතා මතුව තිබෙනවාග අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා අතර විශ්වාසය බිඳීයාම මත මෙම තීරණයට එළැඹි බවයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේග පසුගිය කාලය තුළ දෙදෙනා දරණ අදහස් සම්බන්ධයෙන් විවිධ මතභේදාත්මක තත්වයන් හටගෙන තිබුණාග මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන් සදහන් කර ඇත්තේල ප්‍රාණ ඇපකරුවන් නැවත ගෙන්වා ගැනීම ඇතුළු කරුණු 3ක් සම්බන්ධයෙන් එකඟ නොවීම මත තමන්ව ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයිග කෙසේ වෙතත් අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් ජනතාව වීදි බැස විරෝධතාවල නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළාග
ගාලු මුවදොර පිටිය සුදුසු නිර්ණායකයන්ට යටත්ව උත්සවල සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවාග මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය විජිත හේරත් මේ පිළිබඳව සඳහන්කර සිටියාග ගාලු මුවදොර පිටියෙහි පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනා කරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023-04-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවාග නමුදු ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222