- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
- ගුරුවරියක් ළිඳකට වැටී මරුට
- ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී අනතුරක්
- ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් මහාධිකරණයේ පෙනී සිටින්නැයි නාමල්ට සිතාසි
- උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
- ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි
- ගම් – නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
- ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ම ක්‍රියාත්මකයි
Author: Dhanushka
වී සඳහා මේ සතිය ඇතුළත පාලන මිල නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, වී මිලදී ගැනීම සහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් ද ලැබි ඇති බවයි.
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, අනිද්දා ඔස්ට්‍රේලියාව සමග ගාල්ලේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි. එය දිමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන 100වැනි ටෙස්ට් තරගය වීමද විශේෂත්වයක්. 36 හැවිරිදි දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති අතර රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,172ක්.
මෙරට වෙළෙඳපොළේ ලුණු ග්‍රෑම් හාරසීයේ පැකට්ටුවක මිල රුපියල් 150ත් 160ත් දක්වා ඉහළ ගොස් ඇති බවට වෙළදසැල් හිමියන් සහ පාරිභෝගිකයින් පවසනවා. එසේම කිලෝග්‍රෑමයක ලුණු පැකට් හිගතාවයක් ද පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රට තුළ පවතින ලුණු හිගයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මේ වන විට මෙරට වෙළෙඳපොළේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙරට වාර්ෂික ලුණු පරිභෝජනය දළ වශයෙන් මෙටි්රක් ටොන් එක්ලක්ෂ 80,000ක් පමණ වන අතර පසුගිය වසරේ අග භාගයේ සිට ඇති වූ අයහපත් කාලගුණයත් සමග ලුණු අස්වැන්න ශීඝ්‍ර ලෙස පහත වැටී තිබුණා. කෙසේ වෙතත් අපේක්ෂිත ලුණු අස්වැන්න සපුරා ගැනීමට අපොහොසත් වීම හමුවේ රට තුළ පවතින ලුණු හිගයට විසඳුමක් ලෙස…
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස භාරයට යොමු කර තිබෙනවා. අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ඊයේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා. නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් නිසා ඉකුත් 02 වනදා මෙම ඝාතන සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විද්‍යුත් දුම්වැටි 262ක තොගයක් මෙරටට නීතිවිරෝධීව ගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් කරගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස්නව ලක්ෂ ඉක්වන බවත් අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බව සදහන්. මේ වන විට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන 07 වැනි දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වරාය තුළ පැවැති බහලුම් තදබදය බොහෝදුරට අවසන් වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළේ, එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් වී නැතත් යම්තාක්දුරට මේ වන විට අවසන් වී ඇති බවයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා වාප්පු සේවා සංගමයේ ලේකම් ලේකම් ඉර්ෂාඩ් නියාස් මහතා පැවසුවේ ද බහාලුම් තදබදයට විසඳුමක් ලැබුණු බවයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරිමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණදෙන ගැටලු අවමකර තිරසර විසඳුම් ලබාදිමේ අරමුණෙනුයි මෙම කමිටුව පත්කර තිබෙන්නේ. රාජ්‍ය ආයතනවල සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සහ අදාල විෂයන්ට සම්බන්ධ විශේෂඥයින් 7 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතයි. රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණයේදි ජනතාව එහි කොටස්කරුවන් ලෙස පත්කර ගැනිමද මෙහි තවත් අරමුණ වනවා.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තව පවසන්නේ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
පාදුක්ක මලගල කෝරළඉම පාර ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න කුඹුරක් කැණීම් කර පස් සෝදා වැලි ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පාදුක්ක පොලිසය විසින්. ඔහු සන්තකයේ තිබී වැලි කියුබ් 40 කට ආසන්න තොගයක් සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙල්ගහක්නද පාර මලගල, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි. “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කරනු ලැබුවා. එමෙන්ම වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩියෙන් වශයෙන් මේ සදහා සහභාගි වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222