- රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි
- බස් දෙකක් සහ ලොරියක් ගැටී අයෙක් මරුට – තවත් පිරිසක් රෝහලට
- වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ
- උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි
- ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
Author: Dhanushka
නුවරඑළිය ,ටොප්පාස් ,කොඩිගහ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් 40දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බස් රථයේ රියදුරු ඇතුළු තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් සදහා ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් සිටි අවන්හලක සේවකයින් පිරිසක් . බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි පොලිසිය සදහන් කළේ.
2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා ඒ නෙදර්ලන්ත කණ්ඩායම ගෝල 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමින් මෙම තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තය සහ ස්පාඤ්ඤය අතර එළඹෙන ඉරිදා බර්ලින් නුවරදී පැවැත්වීමට නියමිතයි
වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කළ රුපියල් 1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් පියවර ගතයුතු බව පවසමින් හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද උද්ඝෝෂණයක නිරත වුණාග ජිවන වියදම ඉහළ යාම මත දැනට ලබන වැටුපෙන් ජිවත් විය නොහැකි බවයි ඔවුන් පවසන්නේග
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – උතුරුමැද සහ වයඹ පළාත්වලත් පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ක්ලබ් වසන්තගේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ප්‍රදේශය හෙළි වෙයි ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ දකුණු පළාතේ සිට බව තොරතුරු අනාවරණය වනවා. එමෙන්ම අදාළ පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සැලසුමට විශාල මුදලක් වියදම් කර ඇති බවද වාර්තා වනවා. කංජිපානි නමැත්තාගේ නියෝගයකින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ. මේ අතර වෙඩි වැදී රෝහල්ගත කළ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන කේ සුජීවා හට ද මේ වන විට සැත්කම් 4 ක් සිදු කර ඇති බව සදහන්.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2), 62 (2) සහ 83 (ආ) ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවයක් පවතින බවට නිරීක්ෂණය වීම හේතුවෙනුයි මෙම අනුමැතිය ලැබී ඇත්තේ. ඒ පිළිබදව පවතින සැකය මගහරවා ගැනීමට මෙමගින් හැකිවනු ඇති බවද සඳහන්.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව කියා සිටියා. ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේදී නිදහස ජනතා සභාව විසින් සමගි ජනබලවේගය සමග සිදු කළ දීර්ඝකාලීන සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. එහිදී ටී-56 ගිනි අවි පතරොම් 2 ක්, පිස්තෝල පතරොම් 2 ක් සහ ටී – 56 ජීව පතරොම් 144 ක් සොයාගෙන තිබෙනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබෙනවා. එම ව්‍යාපෘතිය සහන ණයක් යටතේ සිදුකිරීමට නියමිත බවයි ගුවන්තොටුපොළ හා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 30 කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආබාදිත පුද්ගලයින් සහ තුවාලකරුවන් රැදී සිටින කදවුරකට බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. හමාස් සංවිධාන ප්‍රධානියෙකු ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















