Author: Dhanushka
මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම කාලය තුළ සිදු වූ ඩෙංගු මරණ ගණන 12 ක් බව ද සඳහන්. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 21 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා .
මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙකුට ආසාත්මිකතාවයක් ඇතිවීමෙන් රෝහල්ගත කර තිබෙනවා. වයස අවුරුදු 6 සිට 12 දක්වා දරුවන් 11 දෙනෙකු මෙලෙස ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව සදහන්. එලෙස රෝගී වූ දරුවන් පිරිස මිහින්තලේ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මහජන උපයෝගීතා කොමිසම විසින් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම සිදුකළ අතර, ඒ අනුව එම කොමිෂන් සභාව අද රැස් වී නව ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරනු ඇති. විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් යෝජනාවලිය පසුගිය දා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කරනු ලැබුවා.
සිය ඉල්ලීම් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව අද දිනයේදී ඉටු නොකළහොත් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා . එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය සංගමය හෙට දිනයේදී රැස්වී අවසන් තීරණය ගන්නා බවයි .
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා . සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
අමෙරිකාවේ ෆ්ලෝරිඩා හි පැවති කෝපා අමෙරිකා පාපන්දු තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට අද ආර්ජන්ටිනාව සමත් වුණා. ඒ, කොළොම්බියානු කණ්ඩායම 1 ට 0 ක් ලෙස පරාජයට පත් කරමින්. එහිදි ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහි ගෝලය වාර්තා කිරීමට ලාටාරෝ මාටිනස් සමත් වුණේ 112 වන විනාඩියේදී.
වෙඩි ප්‍රහාරයේ උණුසුම මැකී යාමට පෙර හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමු`ඵවක් ඇමතීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ඔහු විස්කොන්සින් ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂ සමු`ඵව ඇමතීමට නියමිතව ඇති බව සඳහන්. මේ සඳහා පක්ෂ නියෝජිතයින් 2000 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි. ඊයේ දින රැළියක් අමතන අතරතුරදී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.
වීසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයින් 06 දෙනෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ සැකකටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට කටුනායක පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමක දී මෙම විදේශිකයින් අත්අඩංගුවට ගෙන තිබුණා. පොලීසිය පැවසුවේ නීතිවිරෝධි ලෙස ගෙන්වන ලද දුම්වැටි 1,000ක් එක් විදේශිකයෙකු සතුව තිබී පොලිස් භාරයට ගත් බවයි.
පසුගියදා වාර්තා වූ කොලොන්න වෙඩි තැබීමේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනෙකු ආයුධ දෙකක් සහ මත්ද්රසව්ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවාග පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් විසින් සිදු කල සෝදිසි මෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පවසන්නේ
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා. ඔහු මේ දක්වා තරග 06කට මුහුණ දී රැස්ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 303ක්. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ද ඇතුළත්. එමෙන්ම මෙවර තරගාවලියේ පිතිකරුවන් අතර දෙවන තැන පසුවන්නේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දුයි. ඔහු තරග 06කදී ලකුණු 284ක් ලබා සිටිනවා. මේ අතර ගෝල් මාවර්ල්ස් කණ්ඩායමේ ඇලෙක්ස් හේල්ස් සහ කැන්ඩි ෆැලැන්කන්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් අතර තෙවන සහ සිව්වන ස්ථානවල පවසුවනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















