Author: Dhanushka
ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවාග එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව සඳහන් වන අතර ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බවට වාර්තා වනවාග එම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බවයි පැවසෙන්නේග
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව ,වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි . බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා
සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස අතරතුරදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීත් වැඩවර්ජන පවත්වන්නේ කුමන හේතුවකටද යන්න තමන්ට සිතා ගත නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බංකොලොත්භාවයට පත් වූ රටක් ඉතාමත් අසීරුවෙන් ගොඩගන්නා මොහොතක සියළුදෙනාගේ එක්වීම තමන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා ජනරැළියක් අමතමින් වැඩිදුරටත් කියා සිටියේ.
යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔද්රි අසුලේ මහත්මිය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. අද අලුයම ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙලෙස දිවයිනට පැමිණි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ. ශ්‍රී ලංකා රජයේ ආරාධනාවක් මත ඇය මෙරටට පැමිණ ඇති අතර එළඹෙන 19 වන දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇති බව සඳහන්.
කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මේ අතර, පසුගියදා නාඳුනන පිරිසක් විසින් ඇය වෙත මල් වඩමක් ද යවා ඇති බව සදහන් . එම සිද්ධියෙන් පසු ඇය ප්‍රතිකාර ලබා ගන්නා රෝහල අවට විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2024 කාන්තා 20 යි 20 ආසියානු කුසලාන තරඟාවලිය මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා. තරඟාවලිය එළඹෙන 19 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු තරගය බංගලාදේශයට එරෙහිව මෙම මස 20 වන දා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.
අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර තිබෙනවා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නම් කර ඇත්තේ එම පක්ෂයේ සම්මේලනයේ දීයි . ඒ අනුව ඔහුගේ උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේ ඩී වාන්ස් නම් කර තිබෙනවා .
වැඩවර්ජන පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය සතියේ පැවති වැඩවර්ජනයන්ට සහභාගී නොවූ සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් මෙම දීමනාව හිමිවනු ඇති. එමෙන්ම ඔවුන්ට ඇගයීමේ සහතිකයක් ලබාදීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මැදපෙරදිග පිහිටි වඩාත් ආරක්ෂාකාරී රටක් ලෙස සැලකෙන ඕමානයේ සිදු වූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයාබලන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය යළි දැනුම් දී තිබෙනවා . එම ආයතනවලට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබුණත් ඊට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බලන ලෙසයි ඔවුන් අවධාරණය කර සිටියේ. ඊට අදාළ තොරතුරු 1989 ක්ෂණික දුරකතන අංකය මගින් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකියි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















