Author: Dhanushka

නුවරඑළිය නගර සීමාව හා අවට ප්‍රදේශ රැසක ඝන මීදුමක් ප්‍රවේසම් වන්නයි ආපදා කළමනාකරණ ඒකකයෙන් සහ රථ වාහන පොලිසියෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවාග මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගර සීමාව හා ඒ අවට ප්‍රදේශයන් වන ශාන්තිපුර මාගස්තොට මේ පිළිමාන පට්ටිපොළ කඳපොළ ඇතුළු ප්‍රදේශ රැසක අධික සුළං සහිත තද වැසි හා ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් මාර්ගවල ගමන් කිරීමේදී හා රථ වාහන යෙදවීමේදී ප්‍රවේසම්කාරීව කටයුතු කරන ලෙසයි එහිදී දැනුම්දී ඇත්තේ

තව කියවන්​න

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැර තිබෙනවා. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තව කියවන්​න

කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපොළ සොරාගැනීම් රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. අත්අඩංගුවටගත් අය අතර ,රෙඩ් බානාවත්තේ පුතා, සහ ,මරදානේ ඉම්රාන්, යන අන්වර්ථ නම්වලින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනාද වන බව පොලීසිය කීය. එම සැකකරුවන් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 15කට අධික වටිනා ලැෆ්ටොෆ් පරිගණක 6ක් පරිගණක කොටස්, ටැබ් යන්ත්‍ර, මිල අධික පාපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

තව කියවන්​න

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ට කොවිඩ්-19 වෛරසය ආසාදන වී තිබෙන බව ධවල මන්දිරය පවසනවා. ඔහුගේ මාධ්‍ය ලේකම් කරීන් ජීන් පියරේ පවසන්නේල ජනාධිපතිවරයාට එන්නත් ලබා දී බවයි. එමෙන්ම ජනාධිපතිවරයා ඩෙලවෙයාර්හි පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතරල එහිදී ඔහු නිරෝධායනය වී සිටින එම කාලය තුළ සියලු රාජකාරි සම්පූර්ණයෙන්ම ඉටු කරන බවයි මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ. මේ අතරල ඔහුට මීට පෙර දෙවතාවක් කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බවද වාර්තා වෙනවා. 81 හැවිරිදි ඔහුල රෝගී තත්ත්වය හේතුවෙන් ලාස් වේගාස් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රචාරක රැස්වීමක් ද අවලංගු කර තිබෙනවා.

තව කියවන්​න

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක හට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පනවා තිබෙනවා . ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලේ ඊට අමතරව ඔහුට එරෙහිව දඩුවම් ලකුණක් ද පැනවීමටයි පියවර ගෙන ඇති බවයි . තරගාවලියට අදාළ විනය නීති සංග්‍රහයේ වගන්තියක් උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩුවම පනවා තිබෙනවා .

තව කියවන්​න

නව ක්‍රමවේදයක් ඔස්සේ හෙට සිට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා . ඒ අනුව ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ෑ -පාස්පෝට් නිකුත් කිරීම සිදුවනු ඇති . මෙම ගුවන් ගමන් බලපත්‍ර ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ජනතාවට ලබාදීමට නියමිතයි . ගුවන් ගමන් බලපත්‍ර කාර්යක්ෂම සහ ආරක්ෂාකාරීව මහජනතාවට ලබා දීමේ අරමුණින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කලා . එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දෙක්වෙනෙනේ මේ සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කල හැකි බවයි.

තව කියවන්​න

බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් එම ඝාතනය සිදුකල බවයි පොලීසිය සඳහන් කළේ. ඝාතනයට ලක්වූ එම කාන්තාවට ස්වාමි පුරුෂයා විසින් බීමතින් නිවසට පැමිණ නිතර පහරදීම් සිදුකර ඇති බවට පසුව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදිවියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බවයි පොලිසිය සදහන් කලේ

තව කියවන්​න

නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සත්වයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. මේ දිනවල පවතින වාරකන් කාලය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් නීතිවිරෝධී උපක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම සිදුකරනු ලබනවා. මේ හේතුවෙන් කැස්බෑවුන්, ඩොල්ෆින් වැනි සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජන එල්ල වී ඇති බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

තව කියවන්​න

එළඹෙන සදුදා දිනයේ සිට සති 2 ක කාලයක් අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ පාසල්වලින් බැහැරව සිදුකරන සියළු ක්‍රියාමාර්ගවලින් ඉවත් වීමට එම සන්ධානය තීරණය කර ඇති බවයි.

තව කියවන්​න

මෝදර අලුත්මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 76ක් සොයාගෙත් අතර කොළඹ උතුර කොට්ඨාස අපරාධ අංශය මඟින් මෙම වැටලීම සිදුකර තිබුනා මෙලෙස අත්අඩංකුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි මෝදර අලුත්මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කලේ .

තව කියවන්​න