- තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි
- ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
- චීන විදේශ ඇමති සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක්
- තිළිණි ප්‍රියමාලිට වරෙන්තු
- සම්භාහනය මූවාවෙන් කරපු කැත වැඩක් එළිවෙයි
- විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !
- නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් යථා තත්වයට
- දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
Author: Dhanushka
ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා යන අය ඇතු`ඵව තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 7 දෙනා අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. අදාළ සැකකරුවන් පිරිස දැඩි රැකවල් මධ්‍යයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙලෙස රැගෙන ආ බවයි අප වාර්තාකරු කියා සිටියේ. ජූලි 8 වන දා සිදු කළ අදාළ වෙඩි තැබීමෙන් තවත් සිවු දෙනෙකු තුවාල ලැබුවා.
බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව සඳහන්. 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළදසැලක සේවය කළ තරුණයෙකු කලු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරගත කර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකාරියක් ලෙසයි ඇයට සිරදඩුවම් විඳීමට නියම වුණේ.
ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ලබාගනිද්දී අත්අඩංගුවට ගත් වාන් ඇළ පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයිග එම සැරයන්වරයා විසින් කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් යතුරුපැදියක් වාන් ඇළ පොලිසියට රැගෙනවිත් එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට රුපියල් 5000 ක අල්ලසක් ඉල්ලා තිබුණා. අනතුරුව රුපියල් 5000 ක් ලබා දෙන තෙක් යතුරුපැදිය නිදහස් කර එම යතුරුපැදියට අදාල ලියවිලි සැරයන්වරයා සනතකයට ගෙන තිබූ අතර එම වාන් ඇළ වට්ටමඩු හන්දිය අසලදී එම අල්ලස් මුදල ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බවට අනාවරණයක් පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය පවසනවා මේ වනවිට නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 20ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බව ඔහු සඳහන් කළේ දියවැඩියාව රෝගයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවසමින් ඔහු සඳහන් කළේල පැයක් හෝ පැය භාගයක් ව්‍යායාම කිරීම අත්‍යාවශ්‍ය බවත්ල අධික සීනි සහිත ආහාර පරිභෝජනය අඩු කර එළවලුල මස්ල මාළු සහිත ආහාර වේලකට යොමුවිය යුතු බවත් තමාගේ උසට සරිලන බරක් පවත්වා…
සිසුන් සහ පොලීසිය අතර ප්‍රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පවතින බැවින් මුළු බංග්ලාදේශයටම අධි ආරක්‍ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවාග ඩකා අගනුවර සම්පූර්ණයෙන්ම අන්තර්ජාල අවහිරයක් මධ්‍යයේ පවතින අතර දුරකථන මාර්ග ද අක්‍රිය කර ඇති බව සඳහන්ග බ්‍රහස්පතින්දා සවස විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් රාජ්‍ය විකාශක ඊඔඪ වෙත කඩා වැදීල ගෘහ භාණ්ඩ විනාශ කරමින්ල ජනෙල් සහ විදුලි පහන් කඩා බිඳ දමා මාධ්‍ය ආයතනයේ කොටස්වලට ගිනි තැබූ බවයි විදෙස් වාර්තා පවසන්නේග
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව සිදු කරන ගිනි පෑගීමේ උත්සවය අද 19 උදෑසන 04 ට සිදු කෙරුණාෙ මෙම ගිනි පෑගීම සදහා බැතිමතුන් 345දෙනකු සහභාගී වුණෙ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකරගේ අධික්ෂණය මත ගිනි පෑගිමේ උත්සවය සංවිධානය කර තිබුණු අතර කතරගම දේවාලයේ සනත් රත්නායක කපුමහතා විසින් ගිනි මැලය වෙත පරහද ඉස ආශිර්වාදය ලබාදීමෙන් පසුව බැතිමතුන් ගිනි මැලය තරණය කර තිබෙනව කතරගම දේවාලයේ ඇසළ මංගලයේ 14 වැනි පෙරහැර මංගල්‍යය අද විථි සංචාරය කරනු ලබනවා ලබන 21 වැනිදා අවසන් මහා පෙරහැර මංගල්‍යය සිදුකර 22 වැනි දින මැණික් ගගේ දිය කැපිමේ මංගල්‍යයන් පෙරහැර නිමාවට පත්වනවා
ප්‍රකට විකට නළුවෙකු වු බොබ් නිව්හාර්ට් මිය ගොස් තිබෙනවා සම්මාන රැසකින් පිදුම් ලැබු ඔහු මිය යන විට 94 වන වියේ පසුවුණා ඇමෙරිකා විකට පුරා වෘත්තයක් වන ද බොබ් නිව්හාර්ට් ෂෝ රූපවාහිනි කතා මාලාවේ ප්‍රධාන චරිතය තුළින් ඔහු ප්‍රේක්ෂකයන් ඇද බැද ගත්තා චිකාගෝහි ගණකාධිකාරිවරයෙකු ලෙස වෘත්තිය ජිවිතය ඇරඹු ඔහු පසුව විකට නළුවෙකු ලෙස ඉමහත් ප්‍රසාදයට පත්වුණා
සිකුරාදා අලුයම ටෙල් අවිව්හි මධ්‍යම ප්‍රදේශයට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගුවන් ඉලක්කයක් වැරදී යාමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි කෙසේ වෙතත් ගුවන් මුර සංචාර වැඩි කරන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා පිපිරීමෙන් එක් අයෙකු මිය ගොස් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි ඊශ්‍රායල හදිසි සේවා පවසන්නේ
ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික ක්‍රීඩා තරගාවලිය අදින් 19දා අවසන් වේ. ඉකුත් 17වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ දෙදිනක් අවසන් වද්දීම :පෙර මාසවලදී අවසන් වූ ක්‍රීඩා ප්‍රතිඵලද සමගින් රන් පදක්කම් සියය සීමාව පසුකර යෑමට බස්නාහිර පළාත සමත්ව සිටියි. ඒ අනුව ඊයේ පස්වරුව වනවිට ඔවුන් රන් පදක්කම් 101ක්ල රිදී පදක්කම් 78ක් හා ලෝකඩ පදක්කම් 85ක් දිනාගෙන සිටියා. එහි දෙවැනි ස්ථානය හිමිව තිබුණේ රන් පදක්කම් 41ක් හිමි වූ මධ්‍යම පළාතට වන අතරල තෙවැනි ස්ථානය රන් පදක්කම් 36ක් හිමි වූ දකුණු පළාතට හිමිව තිබුණා.
කුකුළු ගොවිපළහිමියන් කිසිම හේතුවක් නොමැතිව කුකුළු මස් මිල වැඩි කරන බැවින් වහාම ඊට පාලන මිලක් නියම කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ක්‍රියා කළ යුතු බව පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පවසනවා. පසුගිය කාලයේ විවිධ දෑ කියමින් මිල පහත හෙළිය නොහැකි යැයි අදෝනා දුන් මොවුන් විදුලිය බිල, ඉන්ධන මිල පවා ක්‍රමයෙන් අඩු වී තිබියදී කුකුළු මස් මිල ඉතා සුළු මුදලකින් අඩු කර ඇති බවත් ඇතැම් දිනවල තවත් මිල වැඩි කරන බවත් ඔහු සඳහන් කළා. තවද නිෂ්පාදකයින් විසින් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් ලබන බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














