Author: Dhanushka
බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ කඳුකර මාර්ගයක ගමන් ගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ එහි 40 දෙනෙකු ගමන් කර ඇති අතර, සිද්ධියෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මිය ගිය පිරිස අතර, ගැබිණි කාන්තාවක්ද සිටින බව සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුකාර කාර්යාලය දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දසවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද සහ හෙට තොරතුරු කවුළුවක් ස්ථාපිත කර තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කවුළුව ක්‍රියාත්මක වන බවයි. එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු, ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.
රුපියල් මිලියන එක්ලක්ෂ 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි. එමෙන්ම දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනවා.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මෙවර උසස් පෙළ විභාගය එළඹෙන 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත් වෙනවා. ඒ විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදීයි.
එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ 109 ක් ගාසා තීරයේදී ප්‍රචණ්ඩ ලෙස කොල්ලකා ඇති බව සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසනවා. ඊශ්‍රායල පාලනය යටතේ පවතින කෙරම් ෂාලෝම් හරහා ගමන් ගත් අදාළ ලොරි රථ පෙළ මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් කොල්ලකා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ අදාළ ආධාර, දකුණු සහ මධ්‍යම ගාසා තීරයට රැගෙන එමින් තිබියදීයි. කෙසේ වෙතත් මෙම තත්වය මත මානුෂීය ආධාර මත යැපෙන මිලියන දෙකකට අධික ජනතාවගේ ජීවිත තවදුරටත් අනතුරට පත්වනු ඇති බවයි සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය කියා සිටියේ.
මෙක්සිකෝවේ – ක්වෙරේටාරෝ ප්‍රාන්තයේ අවන්හලක් තුළ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මෙම වෙඩි තැබීම සදහා පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අතරින් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
ගුවන් යානා ප්‍රමාද වීම සම්බන්ධයෙන් මගීන් වෙත ඒ පිළිබද තොරතුරු ක්ෂණිකව සන්නිවේදනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සහ එම තත්ත්වයන් සම්බන්ධීකරණය කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලෙස අමාත්‍ය විජිත හේරත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (10) එක්වෙමින්. ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදය පිළිබදව ලැබී ඇති දෙස් විදෙස් පැමිණිලි සහ අප්‍රසාදයන් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා. ඒ අනුව, ගුවන් තොටුපල සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම නියෝජනයවන පරිදි විශේෂ ඒකකයක් ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටුවා පැය 24 පුරා ගුවන් යානා ප්‍රමාදයන් ගැන තොරතුරු මගීන්ට ලබා දීමටත් ප්‍රමාද කාල සීමාව තුළ පහසුකම්…
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු පසුගිය 07 වනදා අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම බෙදාදීම් සිදු වුවත් 550,000 ක් නිල ඡන්ද පත්‍රිකා භාරගෙන නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී ඔවුන් ජන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අසළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තම ගෘහයට අදාළ නිල ඡන්ද දැන්වීම්පත් ලබා ගැනීමට හැකියාව පවතින බවයි. එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම්…
කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් – අවධානයෙන් පසුවන ලෙසටත් වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලය දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මුල් දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. දින 3 කට ආසන්න කාලයක් උණ රෝගය පවති නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවටයි විශේෂඥ වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ.
පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . එහි ලේකම් එම්.එම් නයිමුදීන් මහතා සඳහන් කළේ, එම සංගම් සමග මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි. මේ වනවිට වෙළෙඳපොළ තුළ බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අඩු වීමත් සමග බේකරි නිෂ්පාදන අඩු මිලට ලබා දිය හැකි බව ඔහු පැවසුවේ . ඒ අනුව එම සහනය ජනතාව වෙත ලබා දීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222