Author: Dhanushka
අයහපත් කාලගුණය හේතුවෙන් වන ඕනෑම ආපදාවක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 4ක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනූව 0112 027 148, 0112 472 757, 0112 430 912 සහ 0112 013 051 යන දුරකථන අංකවලින් එම තොරතුරු දැනුම්දිය හැකියි. මෙම විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානය තුළයි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. වසර 3 කින් පසුව පැවැත්වෙන මෙම තරඟය ඩර්බන් හිදී ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 ටයි. දෙරට අතර මෙතෙක් ටෙස්ට් තරගාවලි 31 ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 16 ක ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා. ශ්‍රී ලංකාව තරගාවලි 9 ක ජය හිමි කරගැනීමට සමත් වුණා. මෙවර තරගාවලියට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වසර දෙකකට පසු ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති අතර පසුගිය නවසීලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ කසුන් රාජිත ද මෙවර ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.
මෙම වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දෙනෙකුට අධිකව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිළිඳියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟයි. පෝලියෝ වසංගතය ගෝලීය වශයෙන් තුරන් වූවද, පාකිස්තානයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් පමණක් තවමත් පෝලියෝ වසංගතය ඉතිරිව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
වර්ෂාවත් සමග මී උණ රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මාර්තු සිට මැයි මස දක්වාත්, ඔක්තෝම්බර් සිට මෙම කාලය දක්වාත් මී උණ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. පසුගිය කාල සීමාවේ සහ පවතින අධික වැසිත් සමග ගංවතුර ඇතිවන අවස්ථාවලදී මී උණ රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් මී උණ රෝගීන් 500 කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. ඒ හේතුවෙන් මරණ 35 ක් ද වාර්තා වී තිබෙනවා.
එළඹෙන සෙනසුරාදා දින සියලුම ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ සෑම වර්ෂයකම සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් ලබන සෙනසුරාදා සිය කාර්යාලය විවෘතව තබන බවයි. ඒ අනුව 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත අනුව සියලු ආදායම් වාර්තා, එනම් සංස්ථාපිත ආදායම් බදු, තනි පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ලබාදිය යුතු වනවා.
ඔස්ටේ්‍රලියාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩිකා එමා මැකියොන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. සිය ෂබිඒටර්ප ගිණුමෙහි සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබුණා. එමෙන්ම, පැරිස් ක්‍රීඩා උළෙල තම අවසන් ඔලිම්පික් උළෙල වූ බවත් ඇය සඳහන් කඵා. 30 හැවිරිදි එමා ඔලිම්පික් පදක්කම් 14ක් දිනා ඇති අතර ඉන් හයක්ම රන් සම්මාන වීම විශේෂත්වයක්. එමෙන්ම ඇය ඕස්ටේ්‍රලියානුවෙකු විසින් දිනාගත් වැඩිම රන් සම්මාන දිනූ ක්‍රීඩිකාවද වනවා.
ට්‍රම්ප්ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජැක් ස්මිත් පෙන්වා දුන්නේ බලයට පත්ව සිටින ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරීම තහනම් බවයි. අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තියක් උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ චෝදනා වහාම ඉවත් කරගන්නා ලෙසයි.
පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. මෙලෙස ජලයෙන් යටවූ ප්‍රදේශ අතරට මහ කන්නයේ වගා කළ කුඹුරු ප්‍රදේශ ද වන බව සඳහන්. වැසි හමුවේ පොළොන්නරුවේ ප්‍රධාන ජලාශ සියල්ලගේම ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයද මේ වන විට අක්කර අඩි 92,000 කට වැඩි ජල මට්ටමක් පවතින බවයි එහි වාරිමාර්ග ඉංජිනේරු අංජන කුමාර මහතා ප්‍රකාශ කළේ.
දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 15, 622 ක් පීඩාවට පත්ව තිබෙනවා. ඉන් වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී ඇති අතර එම පළාතේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,284 ක්. මේ අනුව, විපතට පත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුද හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකක පියවර ගෙන තිබෙනවා.
2025 – ෂඡඛ ක්‍රිකට් තරගාවලියට අදාළව පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණව, රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී ගෙන තිබෙනවා. ඒ අනුව මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40 මුදලකට ද, වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25 ක මුදලකට ද අලෙවි වුණා. එහිදී ඉන්දීය රුපියල් කෝටි 27 කට අලෙවි වූ ඉන්දියාවේ රිෂාබ් පාන්ට්, ෂඡඛ ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුණා. ඒ අනුව ඔහුව මිලදීගනු ලැබුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින්. ලබන වසරේ මාර්තු මස 14 වැනිදා සිට මැයි මස 25 වැනිදා දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222