- පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබදව අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ව්‍යාජ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දඩුවම්
- ෂෙයික් හසීනාගේ නිවසට ගිනි තබයි
- බස්රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් කාන්තාවකට තුවාල
- සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
- ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
Author: Dhanushka
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාව රැස් වූ අවස්ථාවේදීයි. එහිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එම දිනය උසස් පෙළ විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් මැතිරණය පැවැත්වීම සඳහා වූ නිශ්චිත දිනයක් එහිදී තීරණය කර නොමැති අතර, ඉදිරි දිනවල දී යළි කොමිෂන් සභාව රැස්වී අවසන් තීන්දුවක් ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1 ට ආරම්භ වීමට නියමිතයි. දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී පැවැත්වෙන මෙම තරගයට ඊයේ වර්ෂාවෙන් බාධා එල්ල වුණා. කාසියේ වාසිය ජගග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා. ඒ අනුව, ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 04ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80 ක්. එහිදී ළහිරු කුමාර කඩුලු 02 ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුරදී ඇමරිකාව විසින් ඩොලර් මිලියන 680 ක ආයුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී තිබෙනවා. ලෙබනනයේ සටන් විරාමය මෙන්ම ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී මෙම අනුමැතිය ලැබීම ද විශේෂත්වයක්. අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායලයට ඩොලර් මිලියන 680ක අවි පැකේජය මත අනුමත කර ඇත්තේ තාවකාලිකව බව ද වාර්තා වනවා. මෙම ආයුධ පැකේජය ලබාදීම පිළිබඳ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මාස ගණනාවක් ගතව තිබූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී කොංග්‍රස් කමිටුව විසින් එය පුළුල් ලෙස සමාලෝචනය කර තිබෙනවා. එම සමාලෝචනයට අනුවයි මෙම අනුමැතිය ලැබී ඇත්තේ. එම යෝජනාව අනුව කුඩා බෝම්බ සිය ගණනක් සහ ප්‍රහාරක…
පසුගිය සමයේ දුර්වල මට්ටමට පත් වූ මෙරට පාර්ලිමේන්තුව නැවත ශක්තිමත් කිරීමේ කාර්යය නව කතානායකවරයා වෙත පැවරී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ, නව කතානායක අශෝක රන්වල මහතා, අගරදගුරු නිල නිවසේ දී හමු වූ අවස්ථාවේදීයි.
නිදහස ජනතා සභාවේ නායක, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්. එමෙන්ම පළාත් පාලන ජන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසද අදාළ ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා. පසුගිය වසරේ මාර්තු මස 09 වන දින පැවැත්වීමට තිබුණු පළාත් පාලන ඡන්ද විමසීමට බාරදුන් නාම යෝජනා අද වන විට ප්‍රායෝගික නොවන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා . ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි . එමඟින් ණය තිරසරබව ඇතිකර ගැනීම, වඩාත් පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම මෙන්ම, ආර්ථිකය වඩාත් හොඳින් පාලනය සහ විනිවිඳ බව ඇති කරගැනීමට සැලසුම් කිරීමට තීරණය කර තිබෙනවා. 2023 මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කරනු ලැබුවා. ඒ අනුව මාස 48 ක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මකයි . මේ අතර මෙරට බලධාරීන් මාස…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව අද සිට හදුන්වාදෙන එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට අටේ මට්ටමේ පවත්වා ගැනීමටයි ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ. ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක කරන බව මහ බැංකුව මෙම වසරේ ජනවාරි මාසයේ ඉදිරිපත් කළ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අනාවරණය කළා.
යාපනය ඒ නවය ප්‍රධාන මාර්ගය ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි රියදුරන්ට අදාළ අංශ දැනුම් දී ඇත්තේ. මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන් මෙන්ම නිලධාරින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනය කළේ සියළුම නිලධාරින් සේවා ස්ථානවල, සේවා කාලය තුළ රැඳී සිටිය යුතු බවයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කැළණි ගංඟා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව පහත් බිම්වල සිටින ජනතාවට ඉදිරි පැය 48 අවදානම් බවටයි ආපදා අංශ පවසන්නේ. ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්. මේ අතර පළාත් කිහිපයකට නායයාම් අනතුරු ඇගවීම් ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් මෙලෙස නිකුත් කරනු ලැබුවා.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඇතුළු වී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි සමඟ අකුණු ඇතිවීමට හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222