- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
කුඩුවක් සකස් කර එයට උගුලක් අටවා හදුන් දිවියෙකු අල්ලා ඝාතනය කල සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා. තලවකැලේ පොලිස් වසමට අයත් කටුකැලේ වත්තේ පදිංචි සැකකරු නිවස අසල කම්බියෙන් සකස් කරන ලද කුඩුවක් සාදා එම කුඩුව තුලට උගුලක් අටවා හදුන් දිවියා අල්ලා පහර දි ඝාතනය කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
තවදුරටත් පවතින ප්‍රචණ්ඩකාරි සහ අවුල්සහගත තත්ත්වයන් හමුවේ හයිටියේ ප්‍රධාන වාරායේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබෙනවා. හයිටි රාජ්‍යයේ පෝර්ට් ඔර් ප්‍රින්ස් නගරයට කඩාවැදී සන්නද්ධ කණ්ඩායම් වරායේ බහාලුම් කොල්ලකා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. එමෙන්ම අදාළ නගරයේ ගුවන් තොටුපලට, පොලිස් ස්ථානවලට සහ බන්ධනාගාරයට ද සන්නද්ධ කල්ලි විසින් ප්‍රහාර එල්ල කර තිබුණා. එමෙන්ම අදාළ නගරයට යොදවා ඇති හදිසි නීතියද මාසයකින් දීර්ඝ කිරීමටයි එරට බලධාරින් කටයුතු කර ඇත්තේ. අදාල සන්නද්ධ කල්ලි බලකර සිටින්නේ හයිටියේ අගමැති ඒරියල් හෙන්රි වහාම ඉවත් කරන ලෙසයි.
එන්ජින් ධාරිතාව 450 සීසී කාණ්ඩයට වැඩි යතුරු පැදි නීති විරෝධී ලෙස මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ එලෙස යතුරුපැදි ගෙන්වීමේදී රජයට අය විය යුතු බදු මුදල දඩයක් ලෙස අය කර ගැනීමටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.
වසරකට මෙරට කාන්තාවන් 1095ක් පමණ පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්වන බවත් වසරකට මෙරට කාන්තාවන් 5475 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරු වන බවත් වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පවසනවා. ලෝක කාන්තා දිනය වෙනුවෙන් මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ ඉන්දිරා ජයසූරිය පිළිකාභාරයේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය මෙම අදහස් දැක්වීම සිදු කළා.
බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. 2017 වසරේදී ලියාපදිංචි කර ඇති එම වෛද්‍ය මධ්‍යස්ථානය මීට පෙර පවත්වාගෙන ගිය වෛද්‍යවරයා පසුගිය ජූලි මාසයේ විදෙස්ගතව ඇති අතර අනතුරුව එම මධයස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ එම වෛද්‍යවරයාගේ පියා විසින් බව සදහන්. අත්අඩංගුවට ගත් සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නිවසක හදිසී ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඇති වන අවස්ථාවේ දී නිවසේ එක් අයෙකු රැඳී සිට ඇති අතර ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ගින්න හේතුවෙන් නිවසේ තිබූ භාණ්ඩ විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව සදහන්.
ශ්‍රීපාද විශේෂ රාජකාරියේ යෙදෙන නල්ලතනනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ හා තමන්ගේ නම සඳහන් කරමින් ජංගම දුරකතන හරහා නල්ලතන්නිය නඟරයේ සංචාරක නිවාඩු නිකේතන හිමියන් ඇතුළු ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලා සිටින සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇති බව නල්ලතන්නිය කොට්ඨාශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත ගෝදාපතිරණ මහතා පවසනවා. කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන් ඇතුළුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් සැළසුම් සහගතව මෙම ක්‍රියාව සිදු කරන බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව හේමන්ත ගෝදාපතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළා.
පුද්ගලික බස් රථයක රියදුරකුට ඇති වූ හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙම බස් රථයේ පුද්ගලික අඟලුම් හලක සේවකයින් පිරිසක් රැගෙන යමින් සිටි අවස්ථාව්දියි මෙම අනතුර සිදුව ඇත්තේ. මෙම අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මැදවච්චිය පොලිස් රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.
කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පැමිණිලිකරුට තර්ජනය කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාව හේතුවෙන් වින්දිතයන් සුරැකීමේ පනතේ විධිවිදාන අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ. එමෙන්ම අදාළ චෝදනා සම්බනධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවීමට ද පසුගියදා පියවර ගත්තා.
ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ අදාළ පුද්ගලයින්ගෙන් ළමුන්ට පවතින අවදානම පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇති බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උදය කුමාර අමරසිංහ මහතා මේ බව සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222