- පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබදව අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ව්‍යාජ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දඩුවම්
- ෂෙයික් හසීනාගේ නිවසට ගිනි තබයි
- බස්රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් කාන්තාවකට තුවාල
- සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
- ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
Author: Dhanushka
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා අද දිනයේ ඉහළ යා හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. ඒ අනුව, වායු ගුණ තත්ත්ව දර්ශකය 86 ත් 120 ත් අතර අගයක දිනය පුරා පැවතිය හැකි බව සදහන්. මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමු වන ලෙස දැනුම් දී තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදී තිබෙනවා. නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් අදාළ චෝදනා තුළ දක්නට නොලැබෙන බව පවසමින් අධිකරණය සැකකරුට ඇප ලබාදුන් බවයි. මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.
මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධ තීරණය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක් ලෙස දැනට පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක් ලෙස පවතිනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 694 ක් ලෙසයි.
ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. එම වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය පැවසුවේ, පසුගිය වසර තුළ වාර්තා වූ HIVආසාදිතයින් අතරින් සියයට 15ක් වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් බවය.
රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තුවාල ලැබූ ගණන 17ක් වන අතර දෙදෙනෙක් අතුරුදන් ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද (28) උදෑසන 08 වනවිට දිස්ත්‍රික්ක 21ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 175ක පවුල් 98,635කට අයත් පුද්ගලයින් 330,894කට අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇති බවයි. නිවාස 82ක් පූර්ණ හානි වී ඇති බවත් නිවාස 1,465ක් අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවත් වාර්තා විය. මේ වනවිට ආරක්ෂක ස්ථාන 267ක පවුල් 8,358කට අයත් පුද්ගලයින් 26,625ක් රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමුවුණා. මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියා. මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තේරී පත්වූ ආචාර්ය අසෝක රන්වල මහතා වෙත පිළිගන්වූවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේ ඉහල යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 85.80කින් ඉහළ ගොස් ඒකක 13,049.83ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 32.49කින් ඉහල ගොස් ඒකක 3876.61ක් ලෙස දැක්වුණා. දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.6ක්.
දිවයින ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අනිද්දා වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ එය ඉන්දියාවේ තමිල්නාඩු මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරනු ඇති බවයි. මෙම පීඩන අවපාතය අද පස්වරුව වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පැවති අතර එය නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර ඉදිරි පැය 06 ක් තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අද පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඒ බව සඳහන් කළා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ සංඛ්‍යා ලේඛනඥ සහ සංඛ්‍යා ලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය ද අදාළ දිනවලදී නොපැවැත්වෙන බවයි. මෙම විභාග දෙක, දෙසැම්බර් පළමුවනදා සහ දෙවනදා යන දිනයන් හිදී පැවැත්වීමට සූදානම් කර තිබුණ ද, අද දින නිවේදනය කළේ එම දිනවලදී අදාළ විභාග නොපැවැත්වෙන බවයි.
උතුරු නැගෙනහිර සමස්ත ගොවිබිම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ජලයෙන් යටව තිබෙනවා. වර්ෂාව තවදුරටත් පැවතීම හේතුවෙන් එම හානිය ගණනය කළ නොහැකි බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානි සිදු වූ සියලුම ගොවි ජනතාව සඳහා රජය විසින් සහනදායි වැඩපිළිවෙළක් අනුගමනය කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222