- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණීගත කිරීම් අනුව ටෙස්ට් පන්දු යවන්නන් අතර යළිත් පෙරමුණට පැමිණ තිබෙනවා. ඔහු ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ ගත් 6 වන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. එංගලන්තය සමග පැවති 5 වන ටෙස්ට් තරගයේදී කඩුලු 9 ක් දවාගනිමින් ඔහු දැක්වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙනුයි මෙලෙස යළි පන්දුයවන්නන් අතර පෙරමුණට පැමිණ ඇත්තේ.
අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේදී අද අ`ඵයම වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ප්‍රදේශයේ පිහිටි නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙනවා. ඔවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව සදහන්. ඔවුන් වයස අවුරුදු 70 ත් 80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් ලෙස හදුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම මරණ සැකකටයුතු නොවන බවයි පොලීසිය සඳහන් කරන්නේ. මියගොස් ඇති යුවළ එම ප්‍රදේශයේ වසර 25 ක පමණ කාලයක් සිට ජීවත්ව ඇති බව සදහන්. එමෙන්ම ඩොයින් කැස්ප්ර්ස් ඔස්ට්‍රේලියාවේ වාර්ගික ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරන බර්ගර් සංවිධානයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කළ පුද්ගලයෙක් වනවා.
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය මෙතෙක් කළක් බලා ගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාර දී ආපසු පළා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම 35 හැවිරිදි චීන ජාතික කාන්තාවට දියණියන් දෙදෙනෙකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06 ක් වන බාළ දියණිය ඇය බලාගැනීමට සිටින ශ්‍රී ලාංකික සේවිකාවට දැඩි ලෙන්ගතුකමක් දක්වන බව සදහන්. මෙම ශ්‍රී ලාංකික සේවිකාව කුරුණෑගල පොල්ගහවෙළ පොතුහැර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පසුගිය දා තම සේවා කාළය අවසන්ව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මෙම වෙන්වීමෙන් චීන ජාතික කුඩා දැරිය මහත්…
ලංගම බස් රථ පාසල් දරුවන් මග හැර යාම කිසිසේත් අනුමත කළ නොහැක්කක් බව මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා. මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මහනුවර දිස්ත්‍රීක්කයේ ප්‍රමුඛ ගැටලු සම්බන්ධයෙන් සහ සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ අතර මෙහිදී ලංගම බස් රථ පාසල් දරුවන් මග හැර ගමන් කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුවට ලැබී ඇති ලිපියක් සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු වුණා. එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ වාර ප්‍රවේශ පත්‍ර සහිතව හෝ රහිතව පාසල් දරුවෙක් බස් නැවතුම්පලක බස්රථයක් එන තුරු බලා සිටීමේදී ඔවුන් මගහැර යාම කිසිසේත් ම අනුමත කළ නොහැක්කක් බවයි. අධ්‍යාපනය රටේ හෙට දවස තීරණය…
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට අප කෙසේ හෝ මුහුණ දිය යුතු බවත්, කවර බාධක පැමිණියත් අනාගත වැඩ ලෝකයට අපේ දරුවන් සූදානම් කිරීම අතපසු කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව නෝටන්බ්රි්ජ් පොලිසිය පවසනවා. අද දින අලුයම 3.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රී පාද මාර්ගයේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය පතන ප්‍රදේශයේදියි.
දකුණු පළාතේ හැර අනෙකුත් කිසිදු දිස්ත්‍රික්කයක ගොවීන් වී ලබානොදෙන බවට වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා. සෑම දිස්ත්‍රික්කයකම වී අලෙවි මණ්ඩලයේ එක් ගබඩාවක් විවෘත කර ඇති නමුත් හම්බන්තොට හැර අනෙක් කිසිදු ගබඩාවකට මේ වන තෙක් වී ලැබී නොමැති බවයි සභාපතිවරයා සදහන් කළේ. රජය විසින් පනවන ලද උපරිම මිල යටතේ වී කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමට තිරණය කර තිබෙනවා. කෙසේ වෙතත් දැනට වෙළදපොලේ වී මිල රුපියල් 110 ත් 115 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති නිසා රජයේ සහතික මිලට වී අලෙවි කිරීම ගොවීන් ප්‍රතික්ෂේප කර ඇතැයි ද බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවා. මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ…
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග සතුන් සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අනුව සතුන් තාප ආඝාත තත්ත්වයකට හෙවත් හීට් ස්ට්‍රෝක් තත්ත්වයට පත්විය හැකි බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. සතුන් හුස්ම ගැනීම මගින් තම ශරීර උෂ්ණත්වය නියාමනය කරන අතර උෂ්ණත්වය සමග හුස්ම ගැනීම ප්‍රමාණවත් නොවන විට තාප ආඝාතය වර්ධනය විය හැකි බව සදහන්. මෙහිදි හුස්ම හිරවීම, හුස්ම ගැනීමේදී ඝෝෂාකාරි තත්ත්වයක් පැමිණීම, නොසන්සුන් හෝ කලබල වීම, විදුරු මස් රතු වීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම හා වමනය හා පාචනය වැනි තත්ත්වයන් තාප ආඝාතයත් සමග ඇතිවිය හැකියි. මේ අනුව බලු පැටවුන්, රෝගී සුනඛයන් හෘද රෝග වැනි නිදන්ගත රෝග පවතින සතුන්…
ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාව සඳහා මානුෂීය ආධාර ලබාදීම සහ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම සදහා රාජ්‍ය අංශයය සවිබල ගැන්වීමට ජපන රජය දක්වන සහයෝගීතාව පුළුල් කර ඇති බව රජය පවසනවා. ඒ අනුව ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපානයෙන් මිලියන 1600ක මුදලක් ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇති බවද රජය පවසනවා. ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222