Author: Dhanushka

කුඹුරු ඉඩම් ගොඩකිරීම සදහා මින් ඉදිරියට කිසිදු අවසරයක් ලබා නොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පුරන් වූ කුඹුරු වැඩිවශයෙන් බස්නාහිර පළාත තුළ ස්ථාපිත බවත් බොහෝ දෙනෙකු එම කුඹුරු, ඉඩම් ගොඩකිරීම සදහා අවසර ඉල්ලන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් ඉඩම් ගොඩකිරීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය හමුවේ මින් ඉදිරියට ඉඩම් ගොඩකිරීම සදහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

තව කියවන්​න

වෙළදපොලේ මේ වන විට එළවළු වර්ග රැසක  අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ අනුව කැරට් කිලෝවක මිල රුපියල් 430 කට සහ බෝංචි මිල රුපියල් 300ක මට්ටමක පැවති බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් සදහන් කළේ. එමෙන්ම ලීක්ස්වල මිල සටහන්ව තිබුණේ රුපියල් 150 ත් 250 ත් අතර මිලකටයි. කෙසේ වෙතත් ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 480 ක් ලෙස මිල සටහන්ව තිබුණා. එමෙන්ම ආනයනික ලොකු ළුණූ තොග මිලද රුපියල් 450 ත් 480 අතර අගයක සටහන්ව තිබූ බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ.

තව කියවන්​න

අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගමට පවරා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය එම කටයුතුවලින් ඉවත්වීමත් සමගයි රක්නා ලංකා සමාගමට එය පවරා තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පෙරේදා සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි. ඒ සඳහා මසකට රුපියල් මිලියන 12 ක් පමණ වැය වන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

තව කියවන්​න

එළඹෙන 19 සහ 20 යන දෙදින තුළ යළි සංකේත වැඩවර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශය විසින් සිය ආර්ථික යුක්තිය ඉටු කිරීම සදහා වූ යෝජනාවලියට නිසි විසදුම් ලබානොදීමේ තීරණය අනුව මෙම පියවර ගන්නා බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ. සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් මීට පෙර අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා.

තව කියවන්​න

විකල්ප මාර්ග භාවිතා කරමින් උතුරු පළාතේ සිට උතුරුමැද පළාතට මස් සඳහා ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තල්ගහවැව, රැඹෑව පදිංචි 45, 25 සහ 54 හැවිරිදි පුද්ගලයින් බව සදහන්. පොලිසිය විසින් සිදු කළ විශේෂ මාර්ග බාධක මෙහෙයුමකදියි හිංසාකාරි ලෙස ගවයින් ලොරි රථයක පටවාගෙන මස් සඳහා රැගෙන යමින් සිටි ඉහත සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුවේ. හිංසාකාරි ලෙස ගවයින් 10 දෙනෙකු ඒ වන විට ලොරි රථයට පටවා තිබූ බවත් එහි අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් සොරකම් කරගෙන රැගෙන යන ගවයින්ද යන සැකය මත වැඩි දුර පරික්ෂණ සඳහා ,මෙම පිරිස පොලිස්…

තව කියවන්​න

ලෝකයේ සිදුවන මරණ අතුරින් බෝනොවන රෝගවලින් සිදුවන මරණ පුමුඛ වේ. ශ්‍රී ලංකාවේ මරණ අතුරින් සියයට 83 ක් බෝනොවන රෝග නිසා ඇතිවන මරණ වේ. බෝනොවන රෝග ඇති කරන ප්‍රධානතම සාධක 4 න් දුම්වැටි භාවිතය පුමුඛ සාධකයක් වේ. දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය පුද්ගලයන්ගේ සතුට, නිදහස අඩාල කරමින් රසවින්දනය සීමා කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දුම්කොළ භාවිතය නිසා ලොව පුරා සෑම වසරකම පුද්ගලයන් මිලියන 8 ක් පමණ මරණයට පත් වන අතර ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් කරයි. තවද ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතය සඳහා රුපියල් මිලියන 520 ක් වියදම් කරයි.

තව කියවන්​න

ආනයනික සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටි හි තොග මිල පහළ දමා තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සදහන් කළේ මේ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 ක් දක්වාත්, තිරිගු පිටි කිලෝවක් රුපියල් 175 ක් දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 285 ක් දක්වාත් මිල අඩු කර ඇති බවයි. එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු බාධාවකින් තොරව එම අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මිලදීගැනීමට තමන් සතුව තොග පවතින බවද ඔවුන් සදහන් කළා. කෙසේ වෙතත් සුදු සීනි, පරිප්පු සහ තිරිගු පිටි තොග මිල අඩු කළත් සුපිරි වෙළදසැල් සහ සිල්ලර වෙළදසැල්වල එම භාණ්ඩවල මිල අඩු වී නොමැති බවයි වාර්තා වුණේ.

තව කියවන්​න

දිස්ත්‍රික්ක 7 ක වී මිලදී ගැනීම සදහා අද සිට අයදුම්පත් නිකුත් කිරීම සහ සාම්පල පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මෙලෙස හෙට සිට වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ. මේ වන විට දකුණු පළාතේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර එලෙස ලබාගත් වී කිලෝග්‍රෑම් ප්‍රමාණය ලක්ෂයකට ආසන්නයි. මෙහිදි නාඩු වී කිලෝවක් රුපියල් 105 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 120 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 ක මුදලකටත් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ඇති. කෙසේ වෙතත් වී අලෙවි…

තව කියවන්​න

ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීම සදහා වන පනත් කෙටුම්පතක් අමෙරිකාවේ එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා. මේ අනුව අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්කිරීම සදහා සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. 2012 වසරේ චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම යෙදවුම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවට මත පළ වී තිබුණා. ඒ අනුවයි නීති සම්පාදකයින් විසින් මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ.

තව කියවන්​න

යාපනය පන්නෙයි කලපුවට පොලිස් ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් ඊයේ සවස අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනය කෝපායි පොලිසියට අයත් පොලිස් ත්‍රීරෝද රථයක්. පොලිස් විමර්ශනයක් සදහා යමින් සිටින අතරතුරදියි ත්‍රීරෝද රථය මෙම අනතුරට ලක්ව ඇත්තේ. අනතුරින් පොලිස් නිළධාරීන් කිසිවෙකුටත් හානි සිදුව නොතිබු අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථය කලපුවට පෙරළී තිබු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

තව කියවන්​න