- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
විදුලි බිල ඇතුළු විවිධ කරුණු පිළිබද විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ලබන 21 වැනිදා කැඳවීමට නියමිතයි. ආයතනයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු එම කමිටුව හමුවට කැඳවන පළමු ආයතනය වන්නේ විදුලිබල මණ්ඩලයයි.
ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ඇත්දැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් කිරීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සදහන් කළා.
රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය හමුවේ පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල සංඛ්‍යාවක් සිරවී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. උත්සව සමයේ ජනතාවට ලැබිය යුතු භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ද ඒ අතර වන බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා කියා සිටියේ. අතිකාල සේවාවලින් ඉවත්වීමේ රේගු නිලධාරින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. මේ අනුව බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා සදහන් කළේ. රේගු වෘත්තීය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත් වී පසුගිය සිකුරාදා දිනයේදී මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
සිය මුණපුරාගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින තෑග්ගක් ලෙසට යාපනය පදිංචි උමේශ්කරන් විසින් ධාවනය කළ හැකි කුඩා ත්‍රීරෝද රථයක් සකස් කොට තිබෙනවා. ත්‍රීරෝද රථ ගරාජයක් පවත්වාගෙන යන උමේශ්කරන් හා ඔහුගේ පියා විසින් සිය දරුවාගේ උපන්දිනය වෙනුවෙන් මෙම ත්‍රීරෝද රථය සකස් කොට තිබෙනවා. මෙය දින 25 ක වැනි කාලයකින් සකස් කළ බවද ඔවුන් පවසනවා. ත්‍රීරෝද රථය අඩි තුනක් පමණ උසකින් යුතු අතර ත්‍රීරෝද රථයක පවතින සියළු උපාංගයන්ගෙන් මෙය සමන්විත වනවා.
අධික උෂ්ණත්වයත් සමග මිනිස් සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය එක්නොවීමෙන් සෛල අක්‍රීය වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුගේ සිරුරේ ක්‍රියාකාරිත්වය සදහා දෛනිකව අවම වශයෙන් ජලය ලීටර 2ක් වත් අවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් එම ජල අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වීමෙන් විජලනයට පත්වී සෛල අක්‍රීය වීමට පවා හැකියාවක් පවතිනවා. විශේෂයෙන් මේ වන විට රාමසාන් උත්සවය වෙනුවෙන් උපවාසයේ යෙදෙන මුස්ලිම් බැතිමතුන් ද එම ජල අව්‍යතාව සපුරාගැනීම කෙරෙහි බලවත් අවදානයක් යොමු කළ යුතු බව සදහන්.
පසුගිය කොවිඩ් සමයේ නතර කළ තායි ඒයාර්වේස් ගුවන් සේවාව වසර 7 කට පසු යළි ආරම්භ කිරිම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා. මේ අනුව එහි පළමු ගුවන් යානය ලබන අප්‍රේල් මස 01 වන දා තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක බලා පැමිණීමට නියමිතයි. එමෙන්ම මෙම ගුවන් මෙහෙයුම් වැඩපිළිවෙල යටතේ සෑම දිනකම තායි ගුවන් යානයක් බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණ එදිනම කටුනායක සිට බැංකොක් නුවර බලා පියාසර කරනු ඇති. තායි රජය සහ තායි ගුවන් සේවය සමග සිදුකරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගුවන් සේවය නැවත ආරම්භ කෙරෙන බවයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සදහා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහු මෙලෙස මහධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා ලබා සිටි නීතිඥවරයෙකු එම චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. 2022 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රුසියානු ඒරොෆ්ලෝට් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත්කළ නියෝගයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ගුවන් පාලක මැදිරියට ගොස් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි එම නීතිඥවරයාට චෝදනා එල්ලකර තිබුණා. ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි එම තීන්දුව ලබා දී තිබෙන්නේ. අදාළ සිද්ධියේදී වගඋත්තරකාර නීතිඥවරයා නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවට කරුණු අනාවරණ වී නොමැති හෙයින් ඔහු එම චෝදනාවෙන් නිදහස් කර තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථයක ගැටිමෙන් අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා. අද දින උදැසන 6.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් පොලිස් ස්ථානය ඉදිරිපිටදියි. බගවන්තලාව සිට වටවල දක්වා ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් රැගෙන අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව හැටන් සිට බගවන්තලාව දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයේ පසුපස පෞද්ගලික බස් රථය ගැටි මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් බස් රථ දෙකේ ගමන් ගත් මගින් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් බස් රථ දෙකටම අලාභ…
වාහන ආනයනය නැවත ආරම්භ වීමත් සමග දේශීය වෙළදපොලේ මිලගණන් ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා. ලබන වසරේ සිට පෞද්ගලික වාහන ආනයනය ක්‍රමානුකූලව ආරම්භ කළ හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ එය ගැණුම්කරුවන්ට ධනාත්මක පණිවුඩයක් නොවන බවයි. මෙම ලිහිල් කිරීම මගින් ආනයනික වාහන සදහා තීරුබදු ව්‍යූහයන් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට ද ආනයනකරුවන් පෙන්වා දෙනවා. පසුගිය ජනවාරි මාසයේදී රජය විසින් තීරු බදු ව්‍යූහය සංශෝධනය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයන වියදම් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222