Author: Dhanushka

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිල රුපියල් 5 – 10 ත් අතර අගයකින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2900 ත් 3100 ත් අතර මිලකට අලෙවි වන ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් අඩු කිරීමටයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කටයුතු කළේ. ඒ අනුව 1000 ත් 1200 ත් අතර මිලකට අලෙවි වන ග්‍රෑම් 400 යේ ආනයනික කිරිපිටි පැකට්ටුවක මිලද රුපියල් 60 කින් අඩු කිරීමට වෙළද අමාත්‍යවරයා තීරණය කළා. මේ පිළිබදව සලකා බලමිනුයි සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය අදාළ තීරණයට…

තව කියවන්​න

විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයන් සහ වෘත්තිකයින්ට යම් අවදානමක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ බව දැනුම් දීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මෙම ඩිජිටල්ගත ක්‍රමවේදය හරහා සමස්ත පද්ධතියම වෙනස් වන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සදහන් කළේ. කෙසේ වෙතත් අදාළ ශ්‍රමිකයින්ගේ පැමිණිලි සහ ගැට`ඵ දැනුම් දීමට දැනටමත් තානාපති කාර්යාල විසින් දුරකථන අංක ලබාදී තිබෙනවා.

තව කියවන්​න

කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම සදහා ස්ථාපිත කළ ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි 1077 ක් වාර්තා වී තිබෙනවා. ඉන් පැමිණිලි 477 ක විමර්ශන අවසන් කර ඇති අතර පැමිණිලි 42 ක් සදහා නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ. එමෙන්ම පැමිණිලි 8 ක් සමථ මණ්ඩලයට යොමුකර ඇති අතර පැමිණිලි 550කට අදාළව විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව සදහන්. පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි කිරීමට නොහැකි කාන්තාවන්ට සහ ළමුන්ට ඔවුනගේ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය 109 ක්ෂණික ඇමතුම් අංකය පසුගියදා ස්ථාපිත කරනු ලැබුවා.

තව කියවන්​න

යුක්තිය මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී 866 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. ඉන් සැකකරුවන් 57 දෙනෙකු සදහා රඳවා තැබීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර සැකකරුවන් 5 දෙනෙකු වත්කම් විමර්ශනය කිරීමට නියමිත බව සදහන්. එමෙන්ම සැකකරුවන් 10 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙනවා.

තව කියවන්​න

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ, අද අලුයම නේවාසිකාගාරයක් තුළදී සිසුවෙකු හදිසියේ රෝගාතුර වීමේ සිද්ධියක් මුල් කරගනිමින්. කැළණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා. අදාළ සිසුවා රෝහල්ගත කිරීම සදහා අවශ්‍ය ගිලන්රථ පහසුකමක් හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහුව රෝහල්ගත කිරීම ප්‍රමාද වූ බවයි විශ්වවිද්‍යලාය සිසුන් චෝදනා කරන්නේ. මේ වන විට සිසුන් 150 දෙනෙකු පමණ විරෝධතාවයක එක්ව සිටින බව සදහන්.

තව කියවන්​න

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සදහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සදහා වසර 6 ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ අනුව ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලී අනුපාතය ද අඩු කිරීමට අපේක්ෂා කරන බවයි එහිදි පෙන්වා දී ඇත්තේ. ශ්‍රී ලංකාවේ අයි එම් එෆ් ජේ්‍යෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්, ඉන්දියාවේ “ද හින්දු” පුවත් පතට පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සදහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සම්බන්ධයෙන් වූ සාකච්ඡා වඩාත් සාර්ථකව ඉදිරියට යන බවයි. එමෙන්ම එම සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් කොන්දේසි සම්බන්ධයෙන් වූ මූලික එකඟතාවයකට ඉක්මනින් එළඹෙන බවත් ඔහු එහිදි සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පහර දීම් සිදුකළ බවට අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අදාළ සැකකරුවන් 5 දෙනාගේ එම පෙරට්ටුව ලබන 27 වන දා කැඳවන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ. එම නඩුවේ සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරින් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවට කළ දැනුම් දීමකට අනුව සැකකරුවන් එළඹන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

තව කියවන්​න

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සදහා දිනයක් වෙන් කර තිබෙනවා. ඒ, එම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදි. මේ අනුව එළඹෙන 25 වන සඳුදා අදාළ පෙත්සම සලකා බැලීම සදහා කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුළ සියයට 80 ක පමණ ඖෂධ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි සම කැඳවුම්කරු රවි කුමුදේශ මහතා සදහන් කළේ ඖෂධ හිඟවීම හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි.

තව කියවන්​න

මෙම වසරේ මැද භාගය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අනුව එතැන් සිට රටේ ප්‍රගතිය සදහා තවදුරටත් අවස්ථා උදාවනු ඇති බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. එමෙන්ම ජූනි මාසය වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී භාණ්ඩ මිල ද පහත දැමිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එමෙන්ම එළඹෙන මාසයේදී ලෝක බැංකුවේ සහ අයිඑම්එෆ් හි ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදි සදහන් කළා.

තව කියවන්​න