Author: Dhanushka

පොලිස් අණ නොතකා පලායමින් තිබූ ලොරි රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. මෙම ලොරි රථය අම්බලන්තොට සිට නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. ගවයින් බේරාගන්නා අවස්ථාවේ එය තුළ අමානුෂික ලෙස රඳවා සිටි ගවයන් 07 දෙනෙකු මිය ගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ මෙම ලොරි රථය පිළිබඳව පොලිසියට ඇතිවූ සැකයක් මත අම්බලන්තොට ඔරලෝසු කණුව අසල මාර්ග බාධකයේදී නවතන ලෙස සංඥා කර තිබුණා. කෙසේ වෙතත් පොලිස් සංඥා නොතකා ලොරි රථය පලායමින් සිටියදී පොලිස් නිලධාරීන් ලොරි රථය පිටුපස හඹා ගොස් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, සැකකරුවන් ලොරි රථය යක්ගස්මුල්ල ප්‍රදේශයේ ඉඩමකට ඇතුල්කර…

තව කියවන්​න

නව ප්‍රජාන්ත්‍රවාදි පෙරමුණ සමග සන්ධානගතව පසුගිය මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීම හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සිය පක්ෂය වෙනුවෙන් ඉල්ලා සිටි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ පිළිබදව සලකා බලමින් ෆයිසර් මුස්තාෆා මහතාට එම අවස්ථාව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ විසින් ලබාදුන් බවටයි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

තව කියවන්​න

ජනාධිපතිවරයාගේ නියමය පරිදි පසුගිය දින කිහිපයේ සිටම සහල් ගබඩා සහ සහල් මෝල්වල දිනකට නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය සහ වෙළඳපොළට යොමු කරන සහල් ප්‍රමාණය මෙන්ම පාලන මිල පිළිබඳව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ විමර්ශනයට ලක් වෙමින් පවතිනවා. ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් මරඳගහමුල විශේෂිත සහල් තොග වෙළඳ මධ්‍යස්ථානයේ සහල් තොග පරීක්ෂාවට ලක් කළ අතර, රජයේ සහතික මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන ලෙස වෙළෙඳුන්ට එහිදී උපදෙස් ලබා දුන් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. එමෙන්ම බදුල්ල, අනුරාධපුර, හැටන් ඇතුලු ප්‍රදේශ කිහිපයකම සහල් ගබඩා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණා.

තව කියවන්​න

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණය පිළිබදව විදුලි බල මණඩල වෘත්තිය සමිති සිය විරෝධය පළ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ප්‍රසාද දීමනා ලබාදීම මගින් විදුලි ගාස්තු අඩු කිරීමට කිසිඳු බලපෑමක් නොවන බවයි. වසර දෙකක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දී නොමැති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර එම ප්‍රසාද දීමනා අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පසුගියදා පැවසුවා.

තව කියවන්​න

පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු පළමු වනදා තෙක් ක්‍රියාත්මක බවයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අල් – අසාද් පසුගිය 08 වනදා සිය ධූරයෙන් ඉවත් වී එරටින් පළාගොස් තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මේ වන විට රුසියාවේ රැකවරණය සහිතව සිටින බවයි.

තව කියවන්​න

කැරලිකරුවන් පිරිසක් සිරියා ජනපති මන්දිරයට ඇතුළු වී තිබෙනවා. සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඇලෙප්පෝ හි පිහිටි මන්දිරයට සිරියා කැරලිකරුවන් ඇතුළු වී තිබෙනවා. ජිහාඩ්වාදී කැරලිකරුවන් රජයේ හමුදාවන්ට එරෙහි ඔවුන්ගේ අඛණ්ඩ සටන් දිගටම සිදු කරගෙන යමින් සිටිනවා. ජනාධිපති මන්දිරයේ තුවක්කුකරුවන් සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යය තුළ සංසරණය වී තිබුණා.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා අද දිනයේ ඉහළ යා හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. ඒ අනුව, වායු ගුණ තත්ත්ව දර්ශකය 86 ත් 120 ත් අතර අගයක දිනය පුරා පැවතිය හැකි බව සදහන්. මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමු වන ලෙස දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදී තිබෙනවා. නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් අදාළ චෝදනා තුළ දක්නට නොලැබෙන බව පවසමින් අධිකරණය සැකකරුට ඇප ලබාදුන් බවයි. මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

තව කියවන්​න

මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධ තීරණය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක් ලෙස දැනට පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක් ලෙස පවතිනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 694 ක් ලෙසයි.

තව කියවන්​න

ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. එම වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය පැවසුවේ, පසුගිය වසර තුළ වාර්තා වූ HIVආසාදිතයින් අතරින් සියයට 15ක් වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් බවය.

තව කියවන්​න