- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
විකිරණ තාක්ෂණවේදී සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 10 ක සී.ටී ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. එමෙන්ම බොහෝ වෛද්‍ය පරීක්ණ කටයුතු සිදු කිරීමේදී ද විශාල ගැටළු ප්‍රමාණයක් මතුව ඇති බවයි රජයේ විකීරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සදහන් කරන්නේ. පොළොන්නරුව විශේෂිත වකුගඩු රෝහල තුළ නිලධාරීන් 06 ක් සේවය කළ යුතු වුවත් එම රෝහළ තුළ ස්ථීර වශයෙන් එක් නිලධාරියෙකුවත් සේවය නොකරන බව සදහන්.
කුඩා දරුවන් අතර මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබද සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් කරනවා. වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මෙම රෝගය ආසාදනය විය හැකි බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කළේ. එහිදි රෝගය වැළඳුනු දරුවන්ගේ මුඛ්‍ය තුළ සහ අත් පා මත කුඩා බිබිළි හටගැනීමට ද දැකගත හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙන්වා.
අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකරනු ලබන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා සදහන් කළේ. ඒ අනුව කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදුකෙරෙන්නේ තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවන්වලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට ඉඩ ඇති බව සදහන්.
මෙරට ධීවරයින් හත් දෙනෙකුට දිවයිට පැමිණිමට නොහැකිව මුරුසි දුපතේ සිර වී සිටිනවා. ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් පිරිසක් මෙලෙස සිර වී සිටින බවයි වාර්තා වන්නේ. එම ධීවරයින්ගේ ඥාතින් පවසන්නේ මාස තුනකට අධික කාලයක් මෙම ධීවරයින් මෙම දුපතේ සිර වී සිටින බවයි. ඔවුන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙසයි එම ධීවරයින්ගේ ඥාතින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු 20 යි 20 ක්‍රිකට් තරගයේ ලකුණු 79 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් රැස් කළා. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 119 ක් පමණය
යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී පුද්ගලයින් 840 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිසෙන් පුද්ගලයන් 41 දෙනෙකු වැඩිදුර රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර තවත් සැකකරුවන් 22 කුගේ වත්කම් විමර්ශනය කිරීම සදහා නියමිත බවයි පොලිසිය සදහන් කළේ. මීට අමතරව තවත් පුද්ගලයන් 27 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.
රට ගොඩගැනීම සදහා සමගි ජනබලවේගය මානූෂීය ධනවාදය අනුගමනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇතැම් පිරිස් ධනවාදය යනුවෙන් ප්‍රකාශ නොකරන ලෙස සදහන් කළද තමා එය ප්‍රතික්ෂේප කරන බවයි රත්නපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ.
වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධිය පිළිබද විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතා නියෝග කර තිබෙනවා. ඒ, බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් ඊයේ අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි. වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙ`ඵනු මෙම දරුවාගේ මරණය සැක සහිත බවට ඔහුගේ දෙමව්පියන් විසින් බොරැල්ල පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර තිබුණා.
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට යෙදෙන පැළ සිටුවීමේ නැකැත් දිනය මුරුංගා ජාතික දිනය ලෙස නම් කිරිමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මෙරට මන්දපෝෂණය නැති කිරීමට මුරුංගා ශාඛයට හැකි වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසන්නේ. ඒ අනුව එම නැකැත් චාරිත්‍රයට මුරුංගා ශාඛයක් රෝපණය කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසර භාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය සහය ලබා දෙන බව චීන ජනාධිපති ෂි ජිං පිං ප්‍රකාශ කර තිබෙනවා. චීනයේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග බෙයිජිං නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදියි මේ බව සදහන් කර ඇත්තේ. ඒ අනුව මෙම කටයුතු සිදුකිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් ඉදිරියටත් සිදුකරන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222