- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
මාලිගාවත්ත ඇපල්වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී හිමිකරුවෙකු නොමැති විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජිව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සහ ජිව උන්ඩ 21 ක් එහි තිබී සොයාගෙන තිබෙනවා. පාතාල සහ සංවිධානාත්මක අපරාද කල්ලි මෙන්ම මත්ද්‍රව ජාවාරම මැඩලීමේ මෙහෙයුමේ නිරත කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කණ්ඩායම සිදුකළ මෙහෙයුමකදීයි මෙම ගිනි අවීය හා ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ.
සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ඊශ්‍රායල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉරාන විප්ලවවාදී ආරක්ෂක අංශය පැවසුවේ එහිදී නිලධාරීන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මෙලෙස තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇත්තේ මිසයිල ප්‍රහාරයක් බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අතිරේක ගුවන් යානාවක් සහිතව පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම සදහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුවයි මෙම පත්කිරීම සිදු කර තිබෙන්නේ.
කලවාන නගරයේ වාහන අලුත්වැඩියා කරන ආයතනයක් අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කලවාන ගොණගලකන්ද ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්. බහින් බස් වීමක් දුර දිග යාම මෙම ඝාතනයට හේතුව වී ඇති බවයි කලවාන පොලිසිය පවසන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්ව විද්‍යාලවල දැනට ඇති ආචාර්යවරුන්ගේ පුරප්පාඩු වෙනුවෙන් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් රට හැරයාමේ ප්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි. ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සහිත රටක් වන ඉන්දුනීසියාවේ අන්තර් ආගමික සහයෝගය ශක්තිමත් කිරීමට සහ ආගමික ප්‍රජාවන් අතර වැඩි අවබෝධයක් ඇතිකිරීමේ අරමුණින් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිදුකළ ආරාධනයකට අනුවයි පාප් වහන්සේ මෙම සංචාරයේ නිරතවන්නේ. එරට තුළ ආසන්න වශයෙන් මුස්ලිම්වරුන් මිලියන 242 ක් සහ කතෝලිකයන් මිලියන 8 ක් ඇතුළුව මිලියන 29 ක් පමණ කිතුනුවන් වාසය කරනවා. ඉන්දුනීසියාවට අමතරව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අගෝස්තු මාසයේදී පැපුවා නිව්ගිනියාවේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව අක්‍රීය ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි. 2015 වර්ෂයේදී විමල් වීරවංශ මහතා සතුව අක්‍රීය ගමන් බලපත්‍රයක් තිබෙන බවට දත්ත පද්ධතිය පෙන්නුම් කිරීම හේතුවෙන් අදාළ නඩුව ඔහුට පවරනු ලැබුවා. මේ අනුව දීර්ඝව සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුවයි මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ.
අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු සහ කළමනාකරණ කටයුතු අද සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා දී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස 6 ක් ඇතුළත අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමට ද නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්යමණ්ඩලය වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට තීරණය කර ඇති බව සදහන්.
මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි බවටයි ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222