Author: Dhanushka

මෙරට ජේ්‍යෂ්ඨ පුරවැසියන් සදහා ලබාදෙන පොලිය යළ් සියයට 15 ක් දක්වා ඉහළ දමන තුරු අඛණ්ඩව හඬනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සක්වල වැඩසටහන යටතේ මුලතිව්, වැලිඔය, අහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්තිකාරමයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

තව කියවන්​න

2022 වසර හා සන්සන්දනය කරන විට 2023 වසරේදී රාජ්‍ය ආදායම සියයට 50 කට වඩා වැඩි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් රට තුළ වර්තමානයේ නිර්මාණය වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. රත්නපුර නගරයේ ඉදිකෙරුණු මැණික් කු`ඵණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළා.

තව කියවන්​න

කණ්ඩායමේ සාමාජිකයන් නිසි වේලාවට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් බංගලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා. මෙම තරගාවලියේදි සියයට සියයක් දස්කම් දැක්වීමට නොහැකි වුවද කණ්ඩායමේ වැරදි නිවැරදි කරගනිමින් ඉදිරි තරග සදහා මුහුණ දීමට කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ. බංගලාදේශ තරගාවලිය නිමා කර යළි මෙරටට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළා.

තව කියවන්​න

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. ඒ, යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමකදියි. කුලී නිවසක් තුළ රැඳී සිටිමින් දිවයින පුරා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය බෙදාහැරීමට මෙම සැකකරු කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තව කියවන්​න

ඊශ්‍රායලයට ආයුධ විකිණීම නවත්වන්නැයි බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එල්ල වන පීඩනය වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සහන සේවකයන් හත් දෙනෙකු මියයාමෙන් පසුයි  බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට මෙම පීඩනය එල්ල වී ඇත්තේ. බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂ තුනක් හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කියා සිටියේ බ්‍රිතාන්‍ය රජය ආයුධ අලෙවිය අත්හිටුවීම ගැන සලකා බැලිය යුතු බවයි. එම ප්‍රහාරයෙන් ඕස්ටේ්‍රලියානු, බ්‍රිතාන්‍ය හා පෝලන්ත ජාතිකයන් මෙන්ම පලස්තීන, ඇමෙරිකා – කැනඩා ද්විත්ව පුරවැසියෙකු ද මිය ගියා. කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය පිලිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවයි.

තව කියවන්​න

විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කර කමිටු වාර්තාවට අනුව දීමනා වැඩිකිරීමේ තීරණය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන බවයි. උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන් 19,000 ක් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට පරීක්ෂකවරුන් 35,000 ක් සහභාගී වන බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැත් වූ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම පොලිසිය ප්‍රකාශ කළේ සෑම වසරකම අප්‍රේල් මාසයේදී හදිසි අනතුරු හා මාර්ග අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

තව කියවන්​න

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ප්‍රවීණ රංගන ශිල්පි දමිතා අබේරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ. දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශයක් ද ආරම්භ කර තිබු අතර අධිකරණය විසින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා. දකුණු කොරියාවට යොමුකරන බව පවසා දමිත අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

තව කියවන්​න

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න නෙලාගැනීම හේතුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 2000 ක මුදලක් මෙරටට අහිමි වන බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රියාවලිය නතර කිරීමට කඩිනම් පියවර ගැනීමට අදාළ නිලධාරීන් දැනුවත් කළ බවයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සදහන් කළේ.

තව කියවන්​න

රජය ගත් නිවැරදි තීන්දු තීරණ නිසා ඉහළ ගිය එළව`ඵ මිල නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව ජනතාව අඩු මිලට එළව`ඵ මිලදී ගැනීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

තව කියවන්​න