Author: Dhanushka

පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා. පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වී වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීම් හා ගිවිසුම්වලට එළඹි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළේ. මේ අතර පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුර සදහා සුදුස්සන් පත්කිරීමට ද මෙම රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ පාලම දීර්ඝ කාලයක් පුරා නඩත්තු නොකිරීම කඩා වැටීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

තව කියවන්​න

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල් ප්‍රාණඇපකරුවන් 130 දෙනෙකුගෙන් 34 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එසේ මියගිය 34 දෙනාගෙන් 12 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවයි. ප්‍රාණ ඇපකරුවන් මියගොස් ඇත්තේ ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් බවයි හමාස් සංවිධානය පවසන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණ ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවට භාර දී තිබෙනවා. දේශපාලන මණ්ඩල රැස්වීමේදී කරන ලද නව පත්කිරීම් සම්බන්ධයෙන් එහිදී කොමිසම දැනුවත් කර ඇති බව සදහන්.

තව කියවන්​න

ජනමතයත් කොටස් වෙළදපොළේ කොටස් මිල මෙන් දිනෙන් දින වෙනස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඉදිරි මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කරන්නේද යන්න කිසිවිටෙකත් මාස 6 කට ප්‍රථම ප්‍රකාශ කළ නොහැකි බවයි ඒ මහතා කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ.

තව කියවන්​න

2024 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම අදින් ආරම්භ වනවා . මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්. එස් රත්නායක මහතා සඳහන් කළේ ඡන්දහිමි නාමලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වූවා නම් ඒ සඳහා අද සිට මැයි මස 06 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බවයි. නම ඇතුළත් කර ගැනීම සඳහා ග්‍රාමසේවා නිලධාරිවරයා හෝ මැතිවරණ කාර්යාලය හෝ මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනිමට හැකියාව පවතිනවා.

තව කියවන්​න

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලිසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බවයි.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ඔවුන් මුහුණ දුන් තරග 4 ම ජයග්‍රහණය කරමින්. දෙවන ස්ථානයේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමත්, තෙවන ස්ථානයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමත් පසුවනවා. චෙන්නායි සුපර් කිංග්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන, පස්වන හා හයවන ස්ථානයන් හි පසුවනවා.

තව කියවන්​න

දේශගුණික ක්‍රියාකාරිනයක වන ග්‍රේටා තුන්බර්ග් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. නේදර්ලන්තයේ හේග් අගනුවර පැවති විරෝධතාවයක් අතරතුරදියි ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොසිල ඉන්ධන භාවිතයට විරෝධය පළකරමින් සංවිධානය කර තිබු විරෝධතාවයකට ඇය සහභාගි වී තිබුණා. ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් එම විරෝධතාවය පැවැත්වීම හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සහ කළ අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

තව කියවන්​න

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ඊයේ පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමින්.

තව කියවන්​න