- ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
- පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් හෙළි වෙයි
- ඩිජිටල් අපනයන හරහා මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක ආදායමක්
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- හින්දුස්ථාන පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව හා එක්වෙයි
- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
Author: Dhanushka
ක`ඵතර දකුණ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. එම කාන්තාවන් දෙදෙනා දින කිහිපයක සිට අතුරුදන්ව සිට ඇති අතර අදාළ නිවස ආසන්නයේ දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසින් 119 දුරකථන අංකයට ලබාදුන් පණිවිඩයක් අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ. මියගිය කාන්තාවන් දෙදෙනා 65 සහ 79 යන වයස්වල පසුවන අතර මෘතශරීර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සදහන් කර ඇත්තේ. ඒ අනුව ලබන සතිය තුළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති අතර නිවාස 600කට පමණ හානි සිදුව තිබෙනවා. අක්කර දෙදහසකට ආසන්න වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම ගොවිපලවල සිටි සතුන් 200 කට අධික සංඛ්‍යාවක් ගංවතුරට හසුව ඇති බව ද සදහන්.
මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබෙනවා . මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කරනු ලැබුවා . පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7 ක සිරදඬුවමක් නියම කෙරුණා .
ඉදිරි කාලසීමාව තුළ ආහාර පාන සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව රසකැවිලි ඇතුළු විවිධ ආහාර වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කරන බැවින් රුධිරයේ සීනි මට්ටම සහ මේදය ඉහළ යා හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව අනවශ්‍ය පරිදි රුධිරයට සීනි එක්වීම වැළකෙන ආකාරයේ ආහාර රටාවක් අනුගමනය කිරීම වඩා වැදගත් වන බවයි පෝෂණ වෛද්‍ය, විශේෂඥ ජානක මාරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද දිනයේදීත් බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා . එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, දිවයින පුරා බස්රථ 9,000 ක් යොදවා ඇති බවයි . අද සිට සමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පවසනවා . දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දුව මහතා සඳහන් කළේ, සියලුම රියදුරන් ධාවනාගාර වෙත පැමිණීම හේතුවෙන් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය සිදුකළ හැකි බවයි .
දෙහිවල ජාතික සත්වෝද්‍යානය වාර්තා ගත ආදායමක් උපයා තිබෙනවා. ඒ, අප්‍රේල් 13, 14 හා 15 යන දින තුන ඇතුළත රුපියල් ලක්ෂ 47 කට අධික අදායමක් බවයි සඳහන් වන්නේ. එම දින තුනෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ 15 වැනි දිනයේ වන බවයි වාර්තා ඇත්තේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹිම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් පැමිණ ඇති බව ද වාර්තා වෙනවා.
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු ලබන සිකුරාදා දින පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා විදුලිසැර වැදීමක් හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යනවිට ඔහු 64 වැනි වියෙහි පසු වුණා.
නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවාග නව වීසා ක්‍රමවේදයල ඊට අදාළ ගාස්තුල සපුරාලිය යුතු අවශ්‍යතා සහ මෙරට රැඳී සිටිය හැකි කාලසීමාව පිළිබද විස්තර පසුගිය දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවාග නව ක්‍රමවේදය හරහා රටවල් රැසක සිට ඔන්ලයින් ඔස්සේ වීසා අයදුම් කළ හැකි බවයි ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සදහන් කළේග
2023 – 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත්‍ර යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වන දා ආරම්භ වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222