Author: Dhanushka

2005 වසරේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ජනාධිපතිවරුන්ට ලැබී ඇති වාහන ගණනාවක් අතුරුදන්ව ඇති බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුව මේ වන විට අදාළ ආයතන වෙත වාහන ලබාගැනීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 2300 කට අධික ප්‍රමාණයක් හිඟ මුදල් ගෙවීමට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

සිය රජයක් යටතේ දිවයිනේ සියලු විහාරස්ථාන වෙනුවෙන් කැපකරු ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මීරිගම ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරයේ ඉදිවන භික්ෂු නේවාසිකාගාරය ප්‍රමුඛ සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩකටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි ව්පක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැට`ඵ විසඳීමට කොමිසට කිසිඳු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දුව හා ලේඛන ඊයේ දිනයේදී එහි සමාජිකයින් විසින් සාකච්ඡාවට ගනු ලැබුවා. ඒ අනුව පක්ෂ අභ්‍යන්තර ගැට`ඵ විසඳීමට අධිකරණය හරහා පියවර ගත යුතු බවයි කොමිෂන් සභාවේ මතය වී ඇත්තේ. ඕනෑම පක්ෂයක අභ්‍යන්තර අර්බුද සදහා අතපෙවීමට හෝ ඒ සදහා ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණය කොමිෂන් සභාවට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ද කොමිෂන් සභාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් හම් හෙයකින් ඉදිරියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පැවතුණහොත් ඔවුන්ට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන්…

තව කියවන්​න

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද දිනයේදී සිදු කරනවා. ඒ, පස්වරු 2 ට මතුගම, කරම්පෑතර පිහිටි ඒ මහතා විසින්ම සකසා ගත් සොහොන් භූමියේදියි. ඒ මහතාගේ දේහය මතුගම යටදොලවත්තේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අද දිනයේත් දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව පවතිනවා. පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ තිබුණා. එලෙස පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතු`ඵ දේශපාලනඥයින් ඔහු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන් බොහෝ පිරිසක් රට අත්හැර ගොස් ඇති බවයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළේ. එමෙන්ම තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බවද ඔහු සදහන් කළා. කෙසේ වෙතත් විදේශ පුහුණුවීම් සදහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට යළි පැමිණෙමින් සිටින බවයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලීත මහිපාල මහතා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ගෝල්ෆේස් ප්‍රදේශය, අ`ඵත්කඩේ අධිකරණ ප්‍රදේශය, බේරුවල, හම්බන්තොට, හික්කඩුව, ගාල්ල සහ ඇල්ල යන ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වැටලීම් සිදුකරන බවයි එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පවසනවා. පසුගියදා අවස්ථා කිහිපයකදී විදේශිකයින්ට ආහාර ගැනීමට යාමේදී සිදු වූ අපහසුතාවයන් හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් විදාරණය වීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගිනිකන්ද අද දිනයේදී පස් වතාවක් පුපුරා යාමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව ගිනි කන්ද අවට පදිංචිව සිටි පුද්ගලයින් 11,000 ක් පමණ කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර සංචාරකයින් සහ එම ප්‍රදේශයේ පදංචි පුද්ගලයින්ට ගිනි කන්ද පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර 6 ක් පමණ දුරින් සිටින ලෙසට ද එරට බලධාරින් අනතුරු අඟවා තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය මැයි මස 9 වන දා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර තිබෙනවා. ඒ, අදාළ නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

තව කියවන්​න

ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින් සදහා විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බවත් දක්ෂතා ඇති සහතිකපත් නොමැති වෘත්තිකයන්ට සිය අමාත්‍යාංශය යටතේ කෙටි පුහුණුවකින් සහ පරීක්ෂණයකින් සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි. ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙල මේ වනවිටත් මුදල් අමාත්‍යංශයට ඉදරිපත් කර ඇති බවයි අමත්‍යවරයා කියා සිටියේ. ලක්ෂ 12 ක ජනතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

මියන්මාරයේදී සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඔවුන් තායිලන්තයේ සිට කටුනායකට පැමිණීමට නියමිත බව සදහන්. මේ අතර එම සන්නද්ධ කණ්ඩායමේ ග්‍රහණයේ සිටින අනෙක් 48 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා සදහන් කළා.

තව කියවන්​න