- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
- පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් හෙළි වෙයි
- ඩිජිටල් අපනයන හරහා මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක ආදායමක්
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- හින්දුස්ථාන පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව හා එක්වෙයි
- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
Author: Dhanushka
පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත අද සිට පත් කර තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින්. එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. එහිදී ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ ඇමති සුජීව අර්ජුන සේනසිංහට ලබන පෙබරවාරි 05වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පසුගිය 2024.11.08 වන දින ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජිප් රථයෙහි එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සිමෙන් එකලස්කර නිමකිරීම සිදු කළ බව කියන සිද්ධියකට අදාළවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් පසුගියදා සිදු කළ ඉල්ලීමට මෙලෙස අවසර ලබා දී තිබෙනවා. මෝටර් රථ ආඥා පනතේ 214 (1) ආ වගන්තිය සමග කියවෙන 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් වාහන පනත යටතේද, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ ද චෝදනා ගොනු කර තිබෙනවා.
පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකුයි මෙලෙස අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ. සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා. අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන…
කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුර අද අලුයම සිදුව ඇති අතර තුවාල ලැබූ බස් රථෙය් රියදුරු සහ රිය සහයක සමඟින් මඟීන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර තිබුනා. අනතුරුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගය අසල ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ගජමුතු 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බවයි පොලීසිය සදහන් කලේ. සැකකරුවන් විසින් අදාළ ගජමුතු රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට අලෙවි කිරීමටයි සුදානම් කර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 33 යන වයස්වල පසුවන මාතලේ හා මහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
වතුකරයේ ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා. ඒ, එක් නිවසක් සැදීම සඳහා පර්චස් 7ක ඉඩමක් වෙන් කරන්නේ නම් විශාල ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමට සිදුවන බැවින්.
මෑතකදී අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කළින් පිටවීම නිසා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වලට අදාළ විභාගය මේ මස 16 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළා. මෙම පෙත්සම් එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කළා.
හදිසි උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් සිව් දෙනෙකු දින දෙකක් තුළ මියගොස් තිබෙනවා. යාපනය රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, 32 හැවිරිදි නාවට්කුලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ 28 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එමෙන්ම අනෙක් පුද්ගලයා යාපනය – වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මොවුන් රෝහල්ගත කර තිබුණා. මේ වන විට ඔවුන්ගේ ශරීර කොටස් වැඩිදුර විමර්ශන සදහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා. වෛද්‍යවරු සැකකරන්නේ මෙය මී උණ හෝ වෙනත් වෛරස්…
අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට ඇති බව ඥාතීහූ පවසති. දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දරන ශිවාජිලිංගම් මහතා පසුගිය සමයේ ගත් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්විණ. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත්වු ඒ මහතා, පසුගිය දා උතුරේ මහවිරු සැමරුම් පවත්වමින් කේක් කැපීමේ සිදුවීම රට තුළ මහත් කතාබහට ලක්වුණි.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ. ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර ඇති පසුබිමකයි. කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යොදවා සිදුකිරීමට නියමිතය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222