Author: Dhanushka
විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ යුරෝපීය රටවල රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 2 ක් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි සඳලංකා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ. පන්නල ප්‍රදේශයේදී ව්‍යාජ රැකියා ආයතනයක් පවත්වාගෙන යනු ලබන මෙම සැකකරු එහිදි විදේශ රැකියා ලබාදෙන බවට පවසා කාන්තාවකගෙන් සහ පිරිමි පුද්ගලයෙකුගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය සදහන් කළා.
වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතින බව සදහන්. අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසා සිටියේ, මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවයි.
අමෙරිකා සම්බාධක ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. අමෙරිකාව පනවා ඇති සම්බාධක අනුව එක් එක් හමුදා ඒකකවලට ලබා දෙන ආධාර කපා හැරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා. ඊට එරෙහිව සම්පුර්ණ ශක්තිය යොදා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරනවා. ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරු රටක් වන ඇමරිකාව මීට පෙර කිසි දිනක ඊශ්‍රායල හමුදාවලට ලබා දෙන ආධාර අත්හිටුවා නැහැ. කෙසේ වෙතත් අමෙරිකාවේ සම්බාධක පැනවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳ ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානයේදී ණය ගැනීමට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍යවරයා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දුම්රිය සේවය දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බවයි. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේදී මහනුවරට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි අප වාර්තාකරු කියා සිටියේ. මෙහිදි ජනාධිපතිවරයා සහ මහානාහිමියන් අතර සුහද කතාබහක් ද ඇතිව තිබෙනවා. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරාකාගොඩ ශ්‍රී ඥාණරතන නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
පාසල් දරුවන් සඳහා බෙදාදීමට සැළසුම් කර තිබූ වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාවේ තිබූ සහල් තොග ප්‍රමිතියේ තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය චෝදනා කරනවා. මෙම සහල් තොග ලෝක ආහාර සංවිධානය මගින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වැඩසටහනට අදාළව රැගෙන විත් තිබූ සහල් තොග බව සඳහන්. අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ. පවතින තත්ත්වය හමුවේ අදාළ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.
අමෙරිකානු නාවික හමුදාව මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී අද ආරම්භ වුණා. සහයෝගිතා සූදානම සහ පුහුණුව ලෙස නම් කර ඇති මෙම නාවික අභ්‍යාසය ලබන 26 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. නිදහස් ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාම, කලාපීය ආරක්ෂක සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය හවුල්කාරිත්වය පවත්වාගෙන යාම සහ ශක්තිමක් කිරීම අරමුණු කරගනිමිනුයි දෙරට අතර පස්වන වරටත් මෙය පැවැත්වෙන්නේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි 5ක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. මෙම ව්‍යාජ වෙබ් අඩවි තුළට පිවිස මුදල් වංචා කළ සිද්ධින් 35 ක් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම, දේශීය හෝ විදේශීය පාර්සල් ලැබෙනු ඇති බවට දන්වා ශ්‍රී ලංකා තැපෑල විසින් කිසිදු කෙටි පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බවයි තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
පාකිස්ථාන කණ්ඩායමට එරෙහි තෙවන 20 යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 179 ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සදහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළවයි උන්වහන්සේව අද දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ. උන්වහන්සේව මීට පෙර ද අවස්ථා කිහිපයකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222