Author: Dhanushka
මෙරට ප්‍රථම ස්ටෝබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේනතුව පියවර ගෙන තිබෙනවා. නව තාක්ෂණය යොදා ගනිමින් අපනයනය ඉලක්ක කරගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාවට යොමු කරවීම මෙහි මූලික අරමුණයි. මේ සදහා ගොවීන් 40 දෙනෙකු තෝරාගෙන ඇති අතර එක් ගොවියෙකු සදහා රුපියල් 7 ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දී තිබෙනවා.
හිටපු ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කඳාන පොලිසිය විසිනුයි. රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරනවා.
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර දී තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ යෝජනාවකට අනුවයි මෙම අවසර ලබා දී තිබෙන්නේ. 91 වැනි වියේ පසුවන ආර්. සම්බන්ධන් මහතා මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසු වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බව එම පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා. පක්ෂයේ සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කළා. හිටපු සභාපති, වැඩ බලන සභාපති, වැඩ බලන මහ ලේකම්, ඇතුළු තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ නියෝග ක්‍රියාත්මක කර ඇති පසුබිමකයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි. පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
රුපියල් 7500 දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ආර්ථික සංවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සේවය කරන සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගය සඳහා අවතීරණ වීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වී දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ඉදිරිපිට විරෝධතා පැවත්වීමටද කටයුතු කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සදහන් කළා.
යාපනය ප්‍රදේශයේ කෝවිලක පැවතී වෙන්දේසියකදී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබෙනවා. යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පූජා කිරීම සදහා ගෙන ආ සාරියකුයි මෙලෙස රුපියල් ලක්ෂ 16 කට වෙන්දේසි වී ඇත්තේ. බැතිමතෙකු විසින් කෝවිල සදහා පුජා කිරීමට නියමිතව තිබු මෙම සාරිය වෙන්දේසියේදී ලක්ෂ 16 කට ලබා ගෙන දේව මාතා ප්‍රතිමාවට පුජා කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව කෝවිලේ දේව ප්‍රතිමා වේල් පෙරහරකින් වීදි සංචාරය කරවා කෝවිලේ උත්සවය උත්කර්ෂවත් අයුරින් සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීම ලබන සතියේ සිට ඇරඹීමට කටයුතු කර තිබෙනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මෙලෙස මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමටයි තීරණය කර ඇති බවයි.
සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව තිබෙනවා. ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරටයි එම මහත්මියගේ නම අතුලත් කර ඇත්තේ. කල්දේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් වනවා. ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී තිබෙන බවයි ටයිම්ස් සඟරාව වාර්තා කර ඇත්තේ.
ටික්ටොක් තහනම් කිරීමේ පනත් කෙටුම්පත සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙනවා. ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට ඒ අනුව එම මෙවලමේ තමන් සතු කොටස් විකිණීමට මාස 9 ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් කිරීමට නියමිත වනවා. මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222