Author: Dhanushka

අමෙරිකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක් වූ ඩුවාන් එඩි ජීවිතක්ෂයට තිබෙනවා. 86 හැවිරිදි වියේ පසුවූ ඩුවාන් මියගොස් ඇත්තේ පිළිකා රෝගය වැළඳීම හේතුවෙන්. ”රොක් ඇන්ඩ් රෝල්” සංගීතයේ එක් නිර්මාතෘවරයෙක් ලෙසද ඩුවාන් ගරුබුහුමන් ලැබුවා. 1950 – 60 අතර කාලයේදී සංගීත භාණ්ඩ භාවිතයෙන් ජනප්‍රිය වූ නිර්මාණ රැසක් බිහි කිරීමට ඔහු සමත්වූ අතර ඔහු ග්‍රැමී සම්මානයද හිමිකරගෙන තිබෙනවා.

තව කියවන්​න

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40 කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වන දා සිට එය ආරම්භ කිරීමට නියමිත වනවා. ඒ අනුව මැයි මස 13 වන දින සිට නොවැම්බර් මස 15 වන දින දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ද ආරම්භ කර ඇති බව සදහන්. එක්…

තව කියවන්​න

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ, හපුතලේ – බෙරගල අතර මාර්ගයට ගල් පෙරළීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා. මේ වන විටත් ගල් පෙරළීමේ අවදානම පවතින බැවින් මාර්ගය භාවිතා කිරීමේදී විමසිල්ලෙන් සහ සුපරීක්ෂාකාරීව රිය පැදවිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය මහතා වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

තව කියවන්​න

තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසුවේ, එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් අවශ්‍ය පියවර ගත යුතු බවයි. දෛනිකව දුම්රියේ ඇති වන දෝෂයන්ට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති බැවින් ඒ සදහා පුහුණුව ලැබූ පිරිස් වහාම බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුල පින්නවල සත්වෝද්‍යානය නැරඹීමට සංචාරකයින් 52,000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරන් මැදවල මහතා පවසනවා. ඒ හේතුවෙන් මෙම කාලය තුළ සත්වෝද්‍යානය ලැබූ ආදායම කෝටි 4 ඉක්මවා ඇති බවයි ඒ මහතා සදහන් කරන්නේ. මේ වනවිට සත්වෝද්‍යානය තුළ වන සතුන් 350 කට වැඩි සංඛ්‍යාවක් නැරඹීමේ අවස්ථාව උදාකර දී ඇති බව ද මැදවල මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

තව කියවන්​න

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වන ගුණානුස්මරණය කොළඹ අලුත්කඩේ පිහිටි එතුමන්ගේ පිළිරුව අභියසදී අද පෙරවරුවේ සිදු වුණා. ඒ, එතුමන්ගේ පුතණුවන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතු`ඵ සිය පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන්. මෙහිදි දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ආගමික වතාවත් ද පැවැත්වුණා. මේ අනුව එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රට පවතින තත්ත්වය තුළ අලුත් අභියෝගවලට අලුත් විසදුම් ලබාදීම සිය පියාණන් වන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ එකම ප්‍රාර්ථනය වී තිබූ බවයි.

තව කියවන්​න

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් 429 කගේ හිඟයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ පරිපාලනයටද බාධා වී ඇති බව සඳහන්. අනුමත සේවක සංඛ්‍යාව 1231 ක් වුවත් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින නිලධාරීන් සමග බැලීමේදී හිඟ සංඛ්‍යාව 429 කට වැඩි බවයි වාර්තා වන්නේ. එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ හිඟ බදු ලෙස අයකර ගතයුතුව පවතින රුපියල් බිලියනයෙන්, මිලියන 429 ක් ගෙවී ගිය මාස හතරේ දී අයකර ගෙන තිබෙනවා.

තව කියවන්​න

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. එම සමුළුව හෙට  සිට ලබන 05 වැනි දා දක්වා ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන ඇති බවද සඳහන්. මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන අතර මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. මේ අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම එළඹෙන සිකුරාදා දින සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. වර්ෂාව හේතුවෙන් සිසුවෙකුට විභාගය පවත්වන මධ්‍යස්ථානය වෙත ළඟාවීමට අපහසුතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව ‘117‘ ක්ෂණික දුරකතන අංකය අමතා දැනුම් දිය හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් හාර…

තව කියවන්​න

අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා . එම සමාගම් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සදහන් ඇත්තේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,400 වනු ඇති බවයි.

තව කියවන්​න