- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Dhanushka
ඩයනා ගමගේ මහත්මියගේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා මීට සු`ඵ මොහොතකට පෙර මුජිබර් රහුමාන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස පත් වූ ඒ මහතා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින් පසුගියදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. අනතුරුව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සදහා නැවත ඔහු පත්කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
සාගර උෂ්ණත්වය පසුගිය වසර තුළදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. බීබීසී පුවත් සේවය පසුගිය වසරේ සෑම දිනකම සිදු කළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ. කාලගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස සාගර උෂ්ණත්වය ඉහළ ගියද එල්නීනෝ තත්ත්වය ඊට සෘජුව බලපා ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ මහතා ඊයේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබූ අතර පැය 10 කට ආසන්න ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළවයි එම ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබුවේ
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. අදාළ නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙස ද කොලඹ මහේත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මේ දිනවල පැවැත්වෙන මහ මැතිවරණයේදී ඉන්දියාව අස්ථාවර කිරීම අමෙරිකාවේ අරමුණ වී ඇති බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා. ආගමික නිදහස සම්බන්ධයෙන් ගැටලු ඇතිකරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවට රුසියාවේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මරියා සකාරෝවා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ක්‍රියාමාර්ගය රටක් සහ රාජ්‍යයක් ලෙස ඉන්දියාවට අගෞරවයක් බවද ඇය පෙන්වා දී තිබෙනවා.
වර්තමාන පාමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 150 කට පමණ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ගෙදර යාමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා. තිරසර ලංකා ජාතික ව්‍යාපාරය ඊයේ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
සමගි ජනබලවේගය කැප වී සිටින්නේ මෙරට සියලු පුද්ගලයින් සවිබල ගැන්වීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේ වෙතත් ඇතැම් පක්ෂ නායකයින්ගේ අරමුණ වී ඇත්තේ නිර්දන පන්තිය ධනවත් කිරීම වෙනුවට පක්ෂ අරමුදල සවිමත් කර ගැනීම බවයි ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ, අදාළ නඩුව අද දිනයේ කොළඹ දිසා විනිසුරු සදුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදියි. එහිදි නඩුවට අදාළ විරෝධතා පවතින්නේ නම් ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට විනිසුරුවරයා නියෝග කළා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජේ්‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති ෆයිසර් මුස්තාෆා ඇතු`ඵ පිරිසක් නම් කර තිබෙනවා.
විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දී නොමැති බව එම කොමසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා. අදාළ යෝජනාව මැයි මස පළමුවන දා කොමිසම වෙත ලබා දීමට නියමිතව තිබුණද විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව එම කාලය හෙට දිනය දක්වා දීර්ඝ කිරීමට කොමිසම තීරණය කර තිබුණා. ඒ අනුව හෙට දිනයට පෙර එම යෝජනා ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ. අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සදහා වන ක්‍රියාදාමය ආරම්භ කරන අතර විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතය ජූලි මාසයේදී ප්‍රකාශ…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධකරණය අද තීන්දු කළා. තමා ඉදිරි දිනවල විශ්‍රාම යාමට නියමිත හෙයින් මෙම නඩුවට අදාල නියෝගය සකස් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන් සමරකෝන් මහතා නියෝග කළා. ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අදාළ පෙත්සමක් ලබන 14 වැනිදා කැඳවීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222