Author: Dhanushka

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාඳුරු රෝගීන් 264 ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාඳුරු මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ ඉන් 24 දෙනෙකු අවුරුදු 15 ට අඩු දරුවන් බවයි.

තව කියවන්​න

රුසියා – යුක්රේන යුද්ධයේදී මෙරට විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී මේ පිළිබද අනාවරණය වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. මෙම සිද්ධියේදී රජය වගකීමෙන් යුතුව කටයුතු කරන බව ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

තව කියවන්​න

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න සංඛ්‍යාවක් මන්ත්‍රීධුර හොබවන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වන බව සදහන්. මෙලෙස විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

පසුගිය මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබෙනවා. මැයි මස මුල් සතිය තුළ පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයින් 28,525 ක් පැමිණ ඇති අතර ඒ අනුව මුළු සංචාරකයින් සංඛ්‍යාව 8 ලක්ෂ 13,176 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී සංචාරකයින් 5,600 ක් ඉන්දියාවෙන් ද, සංචාරකයින් 3,170 ක් මාලදිවයිනෙන් සහ සංචාරකයින් 1,888 ක් එක්සත් රාජධානියෙන්ද පැමිණ තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ වැවිලි සමාගම් විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සහ ප්‍රාදේශීය මැර කණ්ඩායම් යොදා ගනිමින් වතුකරයේ ජනතාවට හිංසා සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කරනවා. ඔහු පැවසුවේ රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වතුකරයේ මෙවැනි ක්‍රියා නිරන්තරයෙන් සිදු වන බවයි. මෙම මැර කණ්ඩයම් වතුකරයේ ජනතාවගේ ගෙවල් විනාශ කරන බවත්, රැකියාවට නොපැමිණීම හේතුවෙන් සේවක කාන්තාවන්ට පහර දීම් සිදු කරන බවත් මේ හේතුවෙන් සේවක සේවිකාවන් රෝහල්ගත කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍යාධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2 ක වැඩ අවසන් අදියරේ පවතින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මෙගා වොට් 1 බැගින් වූ මෙම ව්‍යාපෘති දෙක ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව මත සහ සෙවනගල කිරිඉබ්බන් වැව මත ඉදිවෙමින් පවතිනවා. 2023 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ජූලි මසදී අවසන් කිරීමට නියමිතයි.

තව කියවන්​න

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබෙනවා . ඒ අනුව ඔවුන්ගේ මාසික දීමනාව සහ 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වන යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද 08 වන දිනටත් ක්‍රියාත්මක වනවා .

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙය ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 06 වැනි සාකච්ඡා වටයයි. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද බත්තරමුල්ල රජමල් වත්තේදී විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා. මීට සමාගමීව ආසන මට්ටමින් ද ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ.

තව කියවන්​න

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ පැවති ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීම පිළිබද පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඉංග්‍රීසි භාෂා විෂය පැවැත්වෙන අතරතුර එය වට්ස්ඇප් ඔස්සේ සංසරණය කර ඇති බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ. වංචා සහගතව විභාග අපේක්ෂකයින් පිළිතුරු ලිවීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවද ඔහු සදහන් කළා. කෙසේ වෙතත් ඉන් ඉංග්‍රීසි භාෂා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් වී නොමැති බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

තව කියවන්​න

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පස්වන සහ අවසන් 20 යි 20 ක්‍රිකට් තරගයේ ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩයම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 156 ක් රැස් කළා. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණයි.

තව කියවන්​න