- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මියගිය පුද්ගලයෙකු අස්ථි කොටස් හමුවී තිබෙනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මෙම අස්ථි කොටස් හමුව තිබෙනවා. ඇළ ඉවුරේ උණ පඳුරක් ආසන්නයෙන් දැල ගොඩට ගැනීමේදී කමිසයක සිරවී තිබූ අස්ථි කොටස් දැලේ පැටලී ඇති බව වාර්තා වනවා. පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා. අනතුරුව හොරණ මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණ පැවැත්වූ අතර අස්ථි කොටස් හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝග කෙරුණා.
දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මෙම දැනුම්දීම සිදු කළා. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 21 වන දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…
වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (19) හොරණ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්. ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු ආරම්භක කාල පරිච්ඡේදයේදී වාහන මිල ගණන් උච්චාවචනයන්ට ලක්විය හැකි බවයි ජනපතිවරයා සඳහන්කර සිටියේ. මිල ගණන් ස්ථාවර වූ පසු, රාජ්‍ය වියදම් විධිමත් කිරීම සහ අතිරික්තයන් අඩු කිරීම සඳහා අඛණ්ඩ පියවරවල කොටසක් ලෙස රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බවයි ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
කොලොම්බියාව තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් දහස් ගණනක් ක්‍රියාත්මක ගැටුම හේතුවෙන් අවතැන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පවතින තත්ත්වය පාලනය සඳහා එරට කැටටුම්බෝ කලාපයට යුධ භටයින් 5,000ක් පමණ යොදවා ඇති බව සඳහන්. ප්‍රචන්ඩකාරී ගැටුම් හේතුවෙන් බෙහෝ පදිංචිකරුවන් එම කළාපයෙන් ඉවත්ව යන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත අද සිට පත් කර තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින්. එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. එහිදී ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ ඇමති සුජීව අර්ජුන සේනසිංහට ලබන පෙබරවාරි 05වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පසුගිය 2024.11.08 වන දින ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජිප් රථයෙහි එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සිමෙන් එකලස්කර නිමකිරීම සිදු කළ බව කියන සිද්ධියකට අදාළවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් පසුගියදා සිදු කළ ඉල්ලීමට මෙලෙස අවසර ලබා දී තිබෙනවා. මෝටර් රථ ආඥා පනතේ 214 (1) ආ වගන්තිය සමග කියවෙන 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් වාහන පනත යටතේද, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ ද චෝදනා ගොනු කර තිබෙනවා.
පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකුයි මෙලෙස අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ. සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා. අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන…
කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුර අද අලුයම සිදුව ඇති අතර තුවාල ලැබූ බස් රථෙය් රියදුරු සහ රිය සහයක සමඟින් මඟීන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර තිබුනා. අනතුරුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගය අසල ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ගජමුතු 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බවයි පොලීසිය සදහන් කලේ. සැකකරුවන් විසින් අදාළ ගජමුතු රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට අලෙවි කිරීමටයි සුදානම් කර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 33 යන වයස්වල පසුවන මාතලේ හා මහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
වතුකරයේ ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා. ඒ, එක් නිවසක් සැදීම සඳහා පර්චස් 7ක ඉඩමක් වෙන් කරන්නේ නම් විශාල ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමට සිදුවන බැවින්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222