- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Dhanushka
2020 වසරේ ජනවාරි මස 01 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව එක්ව සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග පාකිස්ථාන ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් 09 දෙනාට කොළඹ මහාධිකරණය විසින් වසර 10 බැගින් වූ සිරදඬුවම් ද නියම කරනු ලැබුවා. කෙසේ වෙතත් මොවුන්ට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවු අවස්ථාවේදී අදාළ පාකිස්තානු ජාතිකයින් වරද පිළිගත් බැවින් නියම කළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පාකිස්තානයට පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය සඳහන් කළේ දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් මව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි. ජංගම දුරකථනය ලබාදීම වෙනුවට සිදුකළ යුත්තේ දරුවන් ක්‍රීඩා සෞන්දර්ය සඳහා සහ පරිසරය රසවිඳීමට හුරුකරවීම බවද මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය වැඩිදුරටත් සදහන් කළා.
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව ප්‍රමාද වී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා මෙම මගී යාත්‍රා සේවාව මැයි මස 13 වන දින නැවත ආරම්භ කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් මෙම මගී යාත්‍රා සේවාව “තාක්ෂණික දෝෂයක්” හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබාගැනීමට මේ වන විට කණ්ඩායම් 3 ක් සමත්ව තිබෙනවා. කොල්කටා නයිට්රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩාම් එලෙස සුදුසුකම් ලැබුවා. එමෙන්ම පංජාබ් කිංග්ස්, ගුජරාට් ටයිටන්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් මේ වන විට තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.
පිරිසිදු පානිය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට යුද හමුදාව යොදවා වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නඩු විභාගය පසුගිය 27 වන දා අවසන් වූ අතර පසුව එය පසුගිය 30 වන දා ප්‍රකාශයට පත්කිරීමටයි නියමිතව තිබුණේ. කෙසේ වෙතත් එදින පැවති නඩු විභාගයේදී මෙම තීන්දුව ප්‍රකාශ කිරීම අද දිනයට කල්දමනු ලැබුවා.
පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බවට තහරු වූ බව පාඨලී චම්පික රණවකගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා. පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇති බවද එම කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රගති වර්තාවක් ලබා දෙන ලෙස ද කාරක සභාව මගින් අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කර තිබෙනවා. එමෙන්ම පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බව ද සදහන්.
2030 වසර වන විට යුධ හමුදාවේ සාමාජිකයින් ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙන ඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා . ඔහු පවසන්නේ යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන පිළිබඳ සැලකිල්ලට ගෙන මෙරටට ගැලපෙන පරිදි යුද හමුදාවක් සකස් කිරීම රජයේ අරමුණ බවයි.
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමේ සුදානමක් පවතින බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් පත් කරනු ලබන අධීක්ෂණ කමිටු සඳහා මන්ත්‍රීවරුන්ට පත්වීමේ ඇති අපහසුතාව හේතුවෙන් මෙම පියවර ගනු ඇති බවයි. එසේ සිදුවුවහොත් ඒ තුලින් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයක් සිදුවනු ඇති බවයි ඒ මහතා සඳහන් කලේ.
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් චීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, යුක්රේනය සමග සිදු කරන යුද්ධයට සහය ලබා ගැනීමේ අරමුණින් ඔහු මෙම සංචාරය ආරම්භ කර ඇති බවයි. එහිදී රුසියානු ජනපතිවරයා, චීන ජනපති ෂි ජීං පින් හමුවීමට නියමිතයි. එමෙන්ම රුසියානු ජනපතිවරයා ලෙස පුටින් යලි පත්වීමෙන් පසු සිදු කරන පළමු සංචාරය ද මෙය වනවා.
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමවරට ඉරාන කණ්ඩායම ඊයේ පරාජයට පත් කරනු ලැබුවා. ඒ, වට 3 ට 0 ක් ලෙසයි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද පරාජයට පත් කර තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරග දෙක අනපේක්ෂිත ලෙස පරාජයට පත් වු අතර ඉන් අනතුරුවයි මෙම ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222