- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Dhanushka
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයි එස් අයි එස් සංවිධානයේ සාමාජිකයින් ලෙස සදහන් කළ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙම ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා පසුගිය 20 වන දා ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය දින දෙකක කාලය තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20 ක් පමණ කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට ඉන් ගස් 100ක් පමණ ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය ගැට`ඵවල විසඳුම් ලබා නොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියෝජිතයා වන ග්‍රාම නිලධාරීන්ගේ සේවය පැය අටකට සීමා නොවන බවද ඔවුන්ගේ වෘත්තීය ගැටලු දීර්ඝ කාලයක් පුරා පවතින බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ගොනුකළ අභියාචනා පෙත්සම වැඩිදුර විභාගයට ගැනීම එළඹෙන 31 වන දිනට කල් දමා තිබෙනවාග අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම තෙවැනි දිනට විභාගයට ගත් අවස්ථාවේදීයි මේ සදහා දින නියම කෙරුණේග
පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඊශ්‍රායල හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් වෛද්‍යවරයෙකු සහ ගුරුවරයෙකු ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලය පැවසුවේ ජෙනින් නගරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බවයි. ඒ අනුව එම නගරයේ හමාස්, ෆාටා, සහ ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පාසල් සිසුවියක්. අදාළ අනතුර පිළිබද වැඩිදුර විමර්ශන පොලිසිය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා.
සියලු ජලාශයන් ජලයෙන් පිරී යාමෙන් ජල විදුලි නිෂ්පාදනයේ වැඩි වීමක් සිදුව ඇති බැවින් විදුලි බිලට සහනයක් කඩිනමින් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා. ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේ පාර්ලිමේන්තු සභා වාරය අමතමින්. ජල විදුලි නිෂ්පාදනය පසුගිය 20 වැනිදා වනවිට සියයට 31 දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය වැඩිවීමේ වාසිය ජනතාවට ලබා දෙන ලෙසට ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ව ගොවීන් විසින් පාලනය කරනු ලබන ගවයින් අතර සීග්‍රයෙන් සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් එම සතුන් බොහොමයක් මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල භාර රජයේ පශූ වෛද්‍යවරුන් පවසනවා. දේශීය කිරි කර්මාන්තයට මධ්‍යම පළාතෙන් සියයට 33 ක පමණ දියරකිරි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙන බවත් ඉන් සියයට 12 ක් පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලබාදෙන බවත් මෙම තත්ත්වය හේතුවෙන් දියර කිරි නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් පශු වෛද්‍යවරුන් අවධාරණය කර සිටියා. එමෙන්ම එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සදහා එන්නත් ලබා දිය යුතුව තිබුණද ප්‍රමාණවත් එන්නත් නොමැති වීම හේතුවෙන් රෝගය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව…
බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් බවයි පොලිසිය සදහන් කළේ. මෙම ලිංගික අතවර සිද්ධිය පිළිබදව පොලිස්පතිවරයාට යොමු කළ පෙත්සමකට අනුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.
ලියාපදිංචි නොකළ දන්සල් අද දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන විට දිවයින පුරා දන්සල් 2200 ක් ලියාපදිංචි කර ඇති බවයි
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222