- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Dhanushka
කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කර්මාන්ත අමාත්‍යංශය නිවේදනය කර තිබෙන්නේ. කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ සියයට 7 ත් 8 ත් අතර සහන පොලී අනුපාත මත ණය ලබාදීමට කටයුතු කරන බවයි.
රුපියල් මිලියන එක් ලක්ෂ හැට දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වන දා සිදුකිරීමට නියමිතව තිබෙනවා. එහිදි දින 91 කින් කල්පිරෙන මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදුකරන බවයි මහ බැංකුව නිවේදනය කළේ. එමෙන්ම දින 182 කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000 ක සහ දින 364 කින් කල්පිරෙන මිලියන 80,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදි වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව පාළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ඉදිරිපත් කර ඇති නඩු කටයුතු අවසන් වීමෙන් පසු ඒ පිළිබද සලකා බැලීමට තීරණය කළ බවයි ඔහු සදහන් කළේ. මේ අතර මෙම කරුණ සම්බන්ධයෙන් පෙරේදා පැවති කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා කර තිබෙනවා.
මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට තදවැසි ඇතිවීම හේතුවෙන් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත් බිම්වල සිටින ජනතාව පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර මහතා කියා සිටියේ.
ඉදරි මාස කිහිපය තුළ මාලු මිල සීඝ්‍රයෙන් ඉහළ යන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජයකොඩි වික්‍රමආරච්චි මහතා පැවසුවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ධීවරයින්ට රැකියාවට යාමට නොහැකි වීම මෙයට හේතු වී ඇති බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද දැඩි සුළං සහිත අයහපත් කාළගුණය හේතුවෙන් ධීවර කටයුතු සීමා කරන ලෙසටයි ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත්තේ.
මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබා දී තිබෙනවා. මෙම සිරකරුවන් අතර කාන්තාවන් දස දෙනෙකු ද සිටින බව සදහන්. මොවුන් අතරින් වැඩිම පිරිසක් නිදහස් ලබා ඇත්තේ මහර බන්ධනාගාරයෙන් වන බවයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සදහන් කළේ.
LPL තරගාවලියට නියමිත ආකාරයට පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් ප්‍රකාශ කර තිබෙනවා. දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ සදහන් වනවා. ඛඡඛ තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මංතීරුව අවහිර වී තිබෙනවා. ගස කඩාවැටීමත් සමග මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබූ අතර මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන තුළ පාරිභෝගිකයින් ලක්ෂ 3 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. සිය නිල ඞ ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900 ක් ද ඒ අතර වාර්තා වී ඇති බවයි. ඒ අනුව පැය 24 ක් තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
නෙදර්ලන්ත, ස්කොට්ලන්ත සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණා. එහිදි නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 71 ක ජයක් වාර්තා කිරීමටයි ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222