Author: Dhanushka

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරඟයක් අද පැවත්වෙනවා. එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව තරඟවැදීමට නියමිතයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර පසුගියදා නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20 කින් පරාජයට පත් වුණා.

තව කියවන්​න

රාජ්‍ය පොසොන් උත්සවය සිදු කිරීමේ කටයුතු ආණ්ඩුව මඟහරිමින් සිටින මොහොතක ජනතාව සමඟ එක්ව එම උත්සවය පැවැත්වීමට කටයුතු කරන බව මිහින්තලේ රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා. ඒ අනුව රජයෙන් මෙම උත්සවය සදහා වෙන් කර ඇති රුපියල් ලක්ෂ 50 ක මුදල ප්‍රතික්ෂේප කිරීමට තමන් වහන්සේ කටයුතු කළ බවයි උන්වහන්සේ සදහන් කළේ.

තව කියවන්​න

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ලබන 6 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් කිරීමට තීරණය කළ බව නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සදහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ. එදිනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුත් කැඳවන බව ද දුමින්ද දිසානායක මහතා සදහන් කළා.

තව කියවන්​න

ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. මේ සදහා රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සදහන් කළා.

තව කියවන්​න

රජය විසින් නියමිත කාලවකවානුවේදී මැතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මිය කියා සිටිනවා. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කර සිටියේ. මැතිවරණය පැවත්වීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසමට පමණක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරිනි අමරසුරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය වන “කොන්ඩෝ ගොල්ෆ් ඇකඩමිය” විවෘත කිරීම සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව ලැබීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු මෙම නව ඇකඩමිය කොළඹ කාසල් වීදියේ පිහිටුවා තිබෙනවා. මෙම ඇඩකමිය ජේසන් ලියනගේ මහතා විසින් ආරම්භ කළ අතර, හිටපු ප්‍රවීන ගොල්ෆ් ක්‍රීඩක මිතුන් පෙරේරා මහතා විසින් මෙහෙයවීම් කටයුතු සිදු කරනු ලබනවා.

තව කියවන්​න

හොංකොං හි විශාලතම ආරක්ෂක නඩුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් 47 දෙනෙකුට දඬුවම් නියම කර තිබෙනවා. ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ 2021 වසරේදී නිල නොවන මැතිවරණයක් සංවිධාන කිරීමෙන් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙනුයි. ඒ අනුව මෙම චෝදනාව මත ඔවුන් 47 දෙනා සිරගත කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම ක්‍රියාකාරීන් අතරට දේශපාලනඥයන් මෙන්ම ශිෂ්‍ය උද්ඝෝෂකයන් ද ඇතුලත් වනවා.

තව කියවන්​න

විදුලි බිල සියයට 10 ත් සියයට 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළහොත් විදුලි බිල ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

නවතම විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්ව තිබෙනවා. බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් සමග සම මට්ටමේ සිටි වනිදු හසරංගගේ ප්‍රසාද ලකුණු මට්ටම 228 ක් දක්වා වැඩි වීම හේතුවෙනුයි මෙලෙස ඔහු පළමු ස්ථානයට පැමිණ ඇත්තේ. විස්සයි විස්ස ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන වනිඳු හසරංග මීට පෙර ද විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

තව කියවන්​න

දීර්ඝ කාලයක සිට බූස්ස ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත බූස්ස ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි මෙම මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 90 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න