Author: Dhanushka

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ගනු ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවසනවා. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා සදහන් කළේ සිය වෘත්තිය ගැට`ඵ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ දිනයේදී ද සාකච්ඡාවක් පැවැත් වූ බවයි. එම සාකච්ඡාවේදී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් අද දිනයේදී සිය වෘත්තිය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුම් දෙන බව ධම්මික එස්. ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල වැසියන් 4 දෙනෙකු හමාස් භාරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටියදී, ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා . මේ බව අනාවරණය කර ගෙන තිබෙන්නේ, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල නිරත ඊශ්‍රායල හමුදාව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

තව කියවන්​න

ලාෆ් ගෑස් සමාගමද අද සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160 කින් පහළ දැමුණා. ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,680 ක් ලෙසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65 කින් පහළ දැමුණු අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 1,477 ක් ලෙසටයි.

තව කියවන්​න

පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3 ක සියලුම බලපත්‍ර ලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් තුළයි. ඒ අනුව එළඹෙන පොසොන් සතිය වන ජුනි 18 සිට ජුනි 24 වනදා දක්වා කාලය තුළ වසා තැබීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සදහා නිවාඩු ලබා දෙනු ලැබුවා. එමෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට අද සහ හෙට යන දෙදින යළිත් නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. තවද ක`ඵතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් සදහා ද අද දිනයේදී නිවාඩු ලබාදුන්නා. එමෙන්ම පවතින කාලගුණ තත්ත්වය පිළිබද සැලකිල්ලට ගනිමින් පළාත් බලධාරින් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඉදිරි දිනවල පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

තව කියවන්​න

2012 වසරේ ග්‍රීසියේ බැදුම්කරවල ආයෝජන සිදු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතු`ඵ විත්තිකරුවන් 5 දෙනා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කරනු ලැබුවා. අල්ලස් හෝ දූෂණ විර්ශන කොමිසම විසින් ගොනුකර තබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදි මූලික විරෝධතා මතුකර තිබුණා. එම මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතු`ඵ විත්තිකරුවන් නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවේ.

තව කියවන්​න

ඉන්ධන මිල සූත්‍රය යටතේ මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු මත ඉන්ධන මිල ගණන් පහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ. අවසන් වරට පසුගිය අප්‍රේල් 30 වන දා ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ අතර එහිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට කටයුතු කරනු ලැබුවා.

තව කියවන්​න

ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ නඩුවට වරදකරු වූ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දඩුවම් ලෙස දඩයක් නියම කිරීම පමණක් සිදුකරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා 34 ටම වරදකරු කිරීමට නිව්යෝර්ක් ජූරි සභාව අද කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ දඩුවම් නියම කිරීම ලබන ජූලි 11 වන දා ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ. කෙසේ වෙතත් මෙම දඩුවම් නියම කිරීමේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දඩයක් පරිවාස හෝ අධීක්ෂණ කාලයක් යටතේ සිටීම හෝ සිරිදඩුවම් ඇතුළත් විය හැකි බවට ද මත පළව තිබෙනවා.

තව කියවන්​න

මෙරට දෛනික කුකු`ඵ බිත්තර පරිභෝජනය ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සත්ව නිෂාපදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 70 ඉක්මවා ඇති බවට වාර්තා වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. විදේශ සංචාරකයින් පැමිණීම ඉහළ යාම, මස් සහ මා`ඵ මිළ ගණන් ඉහළ යැම මෙලෙස බිත්තර පරිභෝජනය ඉහළ යාමට බලපා තිබෙනවා.

තව කියවන්​න

කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු කැළණිය පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු සොරාගත් ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ විදේශීය කාන්තාවගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතු`ඵ සියලු දේපළ පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

තව කියවන්​න