- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ” KILLER”නමින් කෘතියක් එළිදක්වා තිබෙනවා. ඊයේ පස්වරුවේ කොළඹදී මෙම පොත දොරට වැඩීම සිදුවුණා. එම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ලසිත් මාලිංග එහිදී පවසා සිටියේ මෙවැනි අදහසක්. ” මුලින්ම ගොඩක්ම සතුටුයි. විශේෂ හේතුව අද මම මෙතනට ඇවිල්ල මේ විදිහට කාථා කරන්න හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට දැන් මම ඉන්න තැනට ප්‍රධානතම හේතුව තමයි මම විශ්වාස කරන්නේ මම ගාල්ල රත්තගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු එක්කෙනෙක්. හැබැයි මට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා, නිකම්ම මාලිංග අද මම යනකොට ලසිත් මාලිංග කියන තැනට මගේ නම පත්කරන්න. ඉතිං ඒකට මමත් එක්ක එකට පන්දු යවපු ඒ…
කේරළ ගංජා 108kg 460gක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පොලිස් වසමේ පල්ලිකුඩා ප්‍රදේශයේදී යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35ත් 41ත් අතර වයස්වල පසු වන පුනරින්, මන්නාරම, යාපනය හා මල්ලාවි ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
එළැඹෙන පෙබරවාරියේ දී මැද පෙරදිග සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ සඳහා මැද පෙරදිග රටවලින් දැනටමත් ආරාධනා ලැබී ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. පසුගිය දා කළුතර බේරුවල ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව බොරතෙල් අපනයන කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි. දැනට ඛනිජ තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම රටවල් සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් එය රජයන් අතර සහයෝගීතාවයෙන් යුක්තව සිදු කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ අනුව මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ලබන මාසයේ දී මැද පෙරදිග සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත්…
19න් පහළ පන්දුවාර 20/20 බාලිකා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 81කින් ජය ලබා තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 05ක් දැවී ලකුණු 166ක් රැස්කර ගැනීමට සමත් වුණා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.4කදී සියල්ලන් දැවී ලකුණු 85ක් රැස්කර ගත්තා. මීට පෙර සත්කාරක මලයාසියාවට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ජය ගනු ලැබුවා. ශ්‍රී ලංකා තරගයට අමතරව මලයාසියාව සහ ඉන්දියාව අතර තරගයද අද පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12ට ආරම්භ වීමට නියමිතයි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ සියලු දීමනා එක ගිණුමකට බැරවෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා. එමෙන්ම එම ක්‍රමය වෙනස් නොවන බවත්, නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වූ ගමන ඔවුන් ඉදිරියටම පවත්වාගෙන යන බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. තවද, ජනාධිපතිවරයා ද එම ක්‍රියාව එසේම සිදුකරන බවයි ඔහු පැවසුවේ. පක්ෂයේ අරමුදල බොරැල්ලේ පිහිටි මහජන බැංකුවේ ඇති ගිණුමට බැර වූවාට පසු එම මුදල් ජනතාව වෙනුවෙන් යොදවන බවයි ඔහු සඳහන් කළේ. මෙම ක්‍රියාව නිසා ජනතාවට වැඩි වැඩිවෙන් සේවය කිරීමට අවස්ථාව උදාවෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඉන්දියාවේ කොල්කටා නගරයේ කනිෂ්ඨ වෛද්‍යවරියක් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ස්වේච්ඡා සේවකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා. අදාළ වෛද්‍යවරියගේ සිරුර පසුගිය වසරේ අගෝස්තු මස 9 වනදා සොයාගනු ලැබුවේ කොල්කටා හි පිහිටි රෝහලක කාමරයක තිබියදීයි. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස එම රෝහලේම ස්වේච්ඡා සේවකයෙක් වන 33 හැවිරිදි සන්ජේ රෝයි නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඊ එයිට් වීසා කාණ්ඩය යටතේ දකුණු කෙරියාවේ රැකියා අවස්ථා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනයේදී ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍යවරයා ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුවයි ඔහු අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත්තේ.
වර්ෂාවත් සමග කිළිනොච්චිය – අයියන්කුලම වැව් බැම්ම ස්ථාන දෙකකින් කැඩී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් පහත්බිම් මෙන්ම ප්‍රදේශයේ වගා කර ඇති කුඹුරු වගා ද ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. කෙසේ වෙතත් මේ වන විට වැව් බැම්ම පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මෙම ප්‍රමාදයට හේතුව වී ඇත්තේ දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් කැඩීයාම බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කැඩී ගිය පීල්ල පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ගාසා සටන් විරාමය ගැන විදේශ කටයුතුල විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේල ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමටල අභ්‍යන්තරව අවතැන් වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු යාමට සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමට මඟ පාදන සටන් විරාම ගිවිසුම තිරසාර වනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි. එමෙන්ම පලස්තීනයේ සහ එම කලාපයේ ද සාමය ඉතා ඉක්මනින් ස්ථාපිත වනු අපේක්ෂා කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222