Author: Dhanushka

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව සර්වජන බලය එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සර්වජන බලය එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ පනත් කෙටුම්පත් සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් අනුමත වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි. එමෙන්ම ඊට අදාළව ජනමත විචාරණයක් අවශ්‍ය බවටද තීන්දුවක් ලබාදෙන ලෙස සර්වජන බලය එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

තව කියවන්​න

නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ අමු ඉඟුරු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නොරොච්චෝල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගත් අමු ඉගුරු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවයි පොලිසිය සදහන් කළේ. මේ පිළිබද වැඩිදුර විමර්ශන නොරොච්චෝල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

තව කියවන්​න

තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් පිරිනැමුවා. මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ මෝදි අග්‍රාමාත්‍යවරයා ලෝකය පුරා දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය සුවිශේෂ නායකයෙකු බවයි.

තව කියවන්​න

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා අතර කාලය තුළ වන අලි මරණ 67 සිදුව තිබෙනවා. එය 2023 වර්ෂය සමඟ සැසදීමේදී එම අවුරුද්දේ ජනවාරි සිට මැයි මාසය දක්වා අලි මරණ 200 කට වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස සෑම වන අලියකුම මියගොස් ඇත්තේ වගා බිම් තුළදි.

තව කියවන්​න

2023-2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජුනි මස 19 වන දා දක්වා මේ සදහා අයදුම් කළ හැකියි.

තව කියවන්​න

ගාසා තීරයේ ජිවත් වන ජනතාව මේ වන විට පානිය ජලය සහ ආහාර සපයා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. රෆා දේශ සීමාව හරහා ආහාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුල් කිරීම අත්හිටුවා තිබීම මෙම තත්වය උග්‍රවීමට හේතු වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථූපයේ සවිකොට තිබූ අකුණු සන්නායකය ගැලවීමට සැලසුම් කළ සැකකරුවන් පස්දෙනෙකු උඩම`ඵව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අතර පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටින ගායන ශිල්පියෙකු ද වන බවයි පොලිසිය සදහන් කරන්නේ. අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 23 ත් 56 ත් අතර වයස් සීමාවල පසුවන අය බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

තව කියවන්​න

තාවකාලිකව වසා දැමුණු කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අද උදෑසන විවෘත කර සාමාන්‍ය පරිදි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කඩුවෙල අන්තර් හුවමාරු පිවිසුමේ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් නැවත මෙම පිවිසුම් විවෘත කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සඳහා මාතර හා කඩවත පිවිසුම් මාර්ගය භාවිත කළ හැකි බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තව කියවන්​න

රටේ සාමය වෙනුවෙන් ජනපති අඥාවක් නිකුත් කරයි රටේ මහජන සාමය පවත්වාගෙන යාම සදහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අනුව පළමුවන උපලේඛණයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින්, දෙවන උපලේඛණයේ දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ අනුව කැඳවනු ඇති.

තව කියවන්​න