- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Dhanushka
“පර්පෙචුවල් ටේරෂරීස්” සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝසප් අලෝසියෙස්ට පනවා තිබෙන විදෙස් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා යෑම සදහා එළඹෙන ජූලි මස 01 වන දා සිට සැප්තැම්බර් 12 වන දා දක්වා පිටත්ව යාමටයි ඔහුට අවසර ලබා දී ඇත්තේ. ජෙෆ්රි ජෝසප් අලෝසියෙස් මහ බැංකු බැඳුම්කර නඩුවේ 6 වැනි විත්තිකරු වන විත්තිකරු වනවා.
රුසියානු හමුදාව විසින් යුක්රේනයේ ක්‍රිව් රිහි වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි උපන් ගමට වන බව සදහන්. මෙහිදි මිසයිල ප්‍රහාරය මහල් නිවාස සංකීර්ණයකට එල්ල වී ඇති අතර තුවාල ලැබූ පිරිසෙහි ළමුන් 5 දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදි මානව අස්ථි කොටස් සහ සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කර තිබෙනවා. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙ`ඵම් පොකුණ ශාලා පරිශ්‍රයේදියි මෙම භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කරනු ලැබුවේ. ඒ අනුව මෙම අස්ථි කොටස් සම්බන්ධයෙන් ගැඹුරු හැදැරීමක් සිදු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කළේ.
රුපියල් ලක්ෂ 50 ක වටිනකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවාග අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 601 ක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් රුපියල් තුන් ලක්ෂ දහ තුන් දහසක මුදලක් වැටලීම සිදු කළ නිලධාරින් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේග ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණාග
මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. මේ වන විට මෙරට උපතේදී ආයු කාලය අවුරුදු 79 ඉක්මවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම ආසියාවේ ඉතා සීග්‍රයෙන් වයස යන ජනගහනයක් සිටින රට බවට ද ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
ගාසා තීරය තුළ සිදු කරන සියලු යුද මෙහෙයුම් අත්හිටුවිය යුතු බවට වන සටන් විරාම යෝජනාවට හමාස් සංවිධානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාවට අදාළ ප්‍රතිචාරය නිවේදනයක් මගින් හමාස් සංවිධානය විසින් භාර දී තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාව මගින් යොජිත සටන් විරාමය සදහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් යෝජිත සටන් විරාමය සදහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබුණද ඒ සදහා වන ඊශ්‍රායලයේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොලේදී අද උදෑසන අනතුරක් සිදු වුණා. ඒ අනුව පාදුක්කේ සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් එක්වරම බස් නැවතුම්පළේ ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. බස් රථයේ තිරංග ක්‍රියාවිරහිත වීමෙන් රියදුරුට බසය පාලනය කර ගත නොහැකි වීම අදාළ අනතුරට හේතුව වී ඇති බව සදහන්. අනතුරින් බස් නැවතුම්පළට ද දැඩි අලාභහානි සිදු වී ඇති අතර බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රජයේ වැඩපිළිවෙල සමග ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහිමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමග ඉදිරියට යා හැකි බවටයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිඟයෙන් ජනතාවට දුක් විඳීමට සිදුවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.
2024 වර්ෂයේ ජුනි මස පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1075 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එමෙන්ම මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ මු`ඵ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 25,995 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සදහන්. මේ වන විට බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 9528 ක් ලෙසයි. ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු ද මියගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති වාරණය නියෝගය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම වාරණය එළඹෙන ජුලි මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ දිසා අධිකරණය මගින් නියෝග කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222