Author: Dhanushka

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා. බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ එම දුම්රියේ නැරඹුම් මැදිරිය ඊයේ සවස පීලි පැනීමට ලක් වූ අතර රාත්‍රී 10 පමණ වන විට පීලි ගත කිරීම අවසන් කළ බව ද පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියකු සදහන් කළා. ඒ අනුව අද  දින බදුල්ල දුම්රිය ස්ථානයෙන් අළුයම 5.55 ට උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වූ බවත් ඔහු සදහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා. මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බවද ඔහු සඳහන් කළා. මෙම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදු වූයේ නැහැ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබුවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන්…

තව කියවන්​න

තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ලිපි ලක්ෂ 15 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ එම ලිපි ඉදිරි දින දෙක ඇතුළත බෙදා හැරීමට කටයුතු කරන බවයි. සේවක බඳවාගැනීම් ඇතුළු තම ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට එළඹෙන 24 වැනිදා දක්වා රජයට කල් ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තව කියවන්​න

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි අමෙරිකානු ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 සීමාව ඉක්මවා සටහනව තිබුණා. එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ද වනවා.

තව කියවන්​න

වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දින සිට වාහන ආනයන සීමා අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කළේ. 2025 වසරේ දී වාණිජ වාහනවලින් ආරම්භ කර සියලුම වාහනවලින් අවසන් වන පරිදි වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම්කර ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තව කියවන්​න

යාපනය මන්දගායි රෝහලේ වෛද්‍යවරයකු සිය නිල කාමරයේ අබිරහස් ලෙස මියගොස් සිටියදී පේදුරුතුඩුව මූලස්ථාන පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රේමානන්ද රාසා නමැති 30 හැවිරිදි අවිවාහක වෛද්‍යවරයෙක්. මෙම වෛද්‍යවරයා රාජකාරියට වාර්තා නොකිරීම පිළිබද සොයා බැලීමේදියි ඔහුගේ මලසිරුර හමු වී ඇත්තේ. පේදුරුතුඩුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කේ. වාසුදේවන් මහතා එම රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට තිබෙනවා.

තව කියවන්​න

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. මාස 02 ක කාලයක් පුරා අදාළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බැවින් එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ. එමෙන්ම අදාළ මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම ද මේ වන විට තාවකාලිකව නවතා දමා තිබෙනවා.

තව කියවන්​න

වැල්ලවත්ත මුහුදු මාවතේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව වැල්ලවත්ත පොලිසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ නින්දවුර් අලිම් පාර පදිංචිව සිටි බි එල් ඉලානි නැමැති 29 හැවිරිදි පුද්ගලයෙක්. දෙහිවල දෙස සිට බම්බලිපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය ඉදිරියෙන් ගමන් ගත් වාහනයකට ඉස්සර කිරීම සඳහා විරුද්ධ දිශාවට වෑන් රථය යොමුකර ධාවනය කිරීමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසනවා. මුහුදු මාවතේ මැද දූපත බහුතරයක් රියැදුරන් ගණන් නොගෙන විරුද්ධ දිශාවට සිය වාහනය යොමුකර ධාවනය කිරීම හේතුවෙන් මෙම මාර්ගයේ බහුලව අනතුරු සිදුවන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය…

තව කියවන්​න

ජූනි 3 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලු ආයතන මහ බැංකුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලියාපදංචි නොකළ හෝ බලපත්‍ර රහිත් මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන පුද්ගලයින්ගේ මෙහෙයුම් විධිමත් කිරීම සදහා විධිමත් මාර්ග හරහා මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරත වීමට මහ බැංකුව විසින් අවස්ථාව සලසා දීමටයි මෙම ක්‍රියාමාර්ගය ගෙන අත්තේ.

තව කියවන්​න

ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. එම කලාපයේ පළමු ස්ථානය බංගලාදේශයටත්, දෙවන ස්ථානය නේපාලයටත් හිමිව ඇති අතර පස්වන ස්ථානයේ ඉන්දියාවත්, හත්වන ස්ථානයේ පාකිස්ථානයත් පසුවන බවයි ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකය ප්‍රකාශ කර ඇත්තේ. ප්‍රධාන මානයන් 4 ක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන අතර එය 2006 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අතර ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර පළමු ස්ථානය අයිස්ලන්තයටත්, දෙවන ස්ථානය පින්ලන්තයටත් හිමිව ඇති අතර තෙවනි ස්ථානයේ පසුවන්නේ නෝර්වේ රාජ්‍යයයි.

තව කියවන්​න