Author: Dhanushka

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. මිහින්තලා පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම හේතුවෙන් මෙවර පොසොන් පොහෝ දින වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඒ මහතා සදහන් කරන්නේ.

තව කියවන්​න

මෙවර හජ් වන්දනා සමයේදී ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ, දැඩි උණුසුම් කාලගුණය සහ තෙරපීම් හේතුවෙන් බවයි සෞදි රජය පවසන්නේ. මෙම මිය ගිය ඉස්ලාම් බැතිමතුන් දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවද වාර්තා වනවා.

තව කියවන්​න

එළඹෙන 26 වන දා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පැවසුවේ පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබා නොදුනහොත් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වන බවයි.

තව කියවන්​න

අමෙරිකාවේ බාර්ක් එයාර් ගුවන් සේවය සුනඛ සුරතලුන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් වනවා. එහි මංගල ගුවන් ගමන යෙදුණේ පසුගිය මැයි මාසයේදීයි. මෙතෙක් බාර්ක් එයාර් හි ගමනාන්ත නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ ලන්ඩන් දක්වා සීමා වී තිබෙනවා. එය ගමනාන්ත පහක් දක්වා පුළුල් කිරීමට බාර්ක් එයාර්ලයින් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශයේ පැරීසිය, චිකාගෝ, සැන් ෆ්‍රැන්සිස්කෝ, ෆීනික්ස් සහ මියාමි නව ගමනාන්තයි. එහිදී සුනඛ සුරතලුන්ට පළමු පන්තියේ සේවාවක් හිමි වනවා. බාර්ක් එයාර් සමග ගුවන් සංචාරයේ යෙදෙන සුනඛ සුරතලුන්ට ෂැම්පේන් පානය කිරීමටත් සම්බාහන අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව හිමි කර දෙනවා. නව ගමනාන්ත වෙන් කර ගැනීමDogsFlyFirst.com වෙබ් අඩවිය හරහා සිදුකර ගත හැකියි. එහි පළමු…

තව කියවන්​න

අනධ්‍යන සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පවසනවා. අද වන විට දින 48 ක් අදාළ වැඩවර්ජනයට ගෙවී තිබුණද රජය සමග විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සංගමය අවස්ථා කිහිපයකදී පැවති සාකච්ඡා බොහෝමයක් අසාර්ථක වූ බවටයි එම සංගම් පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි. මේ වන විට දෙරට අතර පැවති පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 1 ට 0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා. තරගාවලියේ දෙවන දිනය වන අද දින පන්දුවාර 25 ක් අවසානයේ කඩු`ඵ 6 ක් බිඳ වැටී ලකුණු 59 ක් ලබා සිටිනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදි ජනාධිපතිවරයා කියා සිටියේ හඳුන්වා දුන් නව කුලී ආදායම් බද්ධ අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බවයි. එමෙන්ම ඔවුන් දේපල බදුවලින් නිදහස් කරන බව ද ජනාධිපතිවරයා සදහන් කළා. සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයෙකුගෙන් මෙම බද්ධ අය නොකරන බවටයි ජනාධිපතිවරයා සහතික කර සිටියේ.

තව කියවන්​න

අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සදහන් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර අද දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා පවසන්නේ.

තව කියවන්​න

කළටුවාව ජල පවිත්‍රාගාරයට අයත් ප්‍රධාන නළයකට හානි වීමෙන් අඩාල වූ ජල සැපයුම හෙට අලුයම වන විට පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා. කළටුවාව පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයකට හානි සිදුවූයේ හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඒ මතට වැටීම හේතුවෙන්. ඒ අනුව රුක්මල්ගම, පන්නිපිටිය, හෝමාගම, මත්තේගොඩ සහ පැලැන්වත්ත මෙන්ම හයිලෙවල් මාර්ගයේ ප්‍රදේශ රැසක පවුල් ලක්ෂයකට පමණ ජල සැපයුම අඩාල වුණා.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද පැවති තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවි ලකුණු 218 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 219 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 16 යි පන්දු 02 කදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

තව කියවන්​න