- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී අනිල් භාරතී මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටී ඒ මහතා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. පානදුර මාලමුල්ලේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 75 වන වියේ පසුවුණා.
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් වෙනම විමර්ශනයක් පවත්වන බව අල්ලස් කොමිසම කොටුව මහේස්ත්‍රාත් නිලුපුල් ලංකාපුර හමුවේ අද දැනුම දුන්නා. අධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙම විමර්ශන ආරම්භ කළ බවයි කොමිසමේ නිලධාරියෙක් අධිකරණයට දන්වා සිටියේ. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සදහා ලබන ජුනි මස 4 වැනිදා කැඳවන ලෙසත් නීතිපති උපදෙස් ඉන් පෙර ලැබුනහොත් නොතිසි නිකුත් කරන බවත් මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.
මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්‍රන්ස්වික් කොටසේ අංක 01 වතු නිවාස ගොඩනැගිල්ලේ ඊයේ රාත්‍රීය් හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වතු නිවාස 04කට අර්ධ හානි සිදුව තිබෙනවා. මෙහිදී කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදුව නැහැ. මෙම වතු නිවාස පේළියේ එක් නිවසකින් හටගත් ගින්න යාබද නිවාස 03ක සෙවිලි හරහා පැතිර යමින් තිබියදී වතු කම්කරුවන් හා මස්කෙළිය පොලිසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා යාබද නිවාස වලට ගින්න පැතිර යාම වළක්වා නිවා දමා තිබෙනවා. ආපදාවට ලක්වූ නිවාස හතරෙහි පාසල් ළමුන් 05 දෙනෙක් සමග සාමාජිකයින් 10ක් සිටිනවා. ඔවුන් මේ වනවිට ඥාතී නිවෙස්වල තාවකාලිකව නවාතැන් ගෙනයි සිටින්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වනු ලබනවා.
හිටපු ජනාධිපතිවරුන් සඳහා සුඛෝපභෝගී නිවාස සැපයීම සඳහා රජය විසින් දරන ලද සැලකිය යුතු වියදම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළිදරව් කර තිබෙනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මසකට රුපියල් මිලියන 2ක් වටිනා රජයට අයත් නිවසක පදිංචිව සිටින බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාසිකව රුපියල් මිලියන 0.9ක තක්සේරුවක් සහිත නිවසක වාසය කරන බව සදහන්. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ එය මසකට රුපියල් මිලියන 4.6ක් වටිනා බවත් එය අක්කරයකට වඩා වැඩි බවත්ය. රජයේ නිවසක් භාර නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙහිදී කෘතඥතාව පළ කළ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනුකර තිබෙනවා. ඒ තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය සිදු කළ නියෝගයට අදාළවයි. අනුරාධපුර – ගල්වල මංසන්ධිය ප්‍රදේශයේදී පොලිස් රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට මන්ත්‍රිවරයා බාධා කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සහ එම විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි. ඒ අනුව අදාළ විමර්ශන සම්බන්ධයෙන් ලබන මස 3 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කළා
ජනාධිපතිවරයාගේ චීන සංචාරයට සමගාමීව යුවාන් මිලියන 500ක ප්‍රදානයක් මෙරටට හිමිව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි මේ බව කියා සිටියා. අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් එම ප්රදානය හිමිවූ බවයි.
චීනයේ සිනොපෙක් සමාගම විසින් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදි කිරීමට නියමිත ඉන්ධන පිරිපහදුව හරහා මෙරටට වෙළෙඳපොළ සඳහා කොතරම් ඉන්ධන නිකුත් කරනවාද යන්න පිළිබඳව දැනුම් දීමට මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහි දී චීනය විසින් මෙරට ඉදි කිරීමට නියමිත ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් සහිත ඉන්ධන පිරිපහදුව පිළිබඳ යෝජනාව මීට පෙර ලැබුණු එකක් වුවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම්වලට එළඹුණේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය තුළ දී බවත් අමාත්‍යවරයා පැවසුවා.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය බන්ධනාගාර නිලධාරීන් විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. විද්‍යුත් විසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලකවරයා ඉකුත් සැප්තැම්බර් මස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. එම පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර, ඒ සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හර්ෂ ඉලුක් පිටිය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මාර්ගයට ගල් පෙරළීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයට උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් පස්කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් පැවති බැවින් මාර්ගය වසා දැමීමට කටයුතු කෙරුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීම සඳහා වූ විධායක නියෝගයට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට ඔහුගේ පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එක්සත් ජනපදය WHO හි ඉහළම පරිත්‍යාගශීලියා ලෙස සැලකෙන අතර, අමෙරිකාව වසරකට ඩොලර් මිලියන 130ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වන්නේ. එමෙන්ම HIV, ක්ෂය රෝගය සහ ළමා එන්නත් සඳහා විසඳුම් සෙවීමටද අමෙරිකාව මැදිහත් වී කටයුතු කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222