Author: Anura Premakumara
වැට් බදු ඉහළ දැමීමේ යෝජනාවට තමන් විරෝධතාවය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සරල බදු ක්‍රමයක් සහ ජනතාවට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු සදහන් කළේ. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම වැඩි ඡන්ද 57 කින් අද පස්වරුවේ සම්මත වුණා. එහිදි එම පනතට පක්ෂව ඡන්ද 98 ක් සහ විපක්ෂව ඡන්ද 41 ක් ලැබී තිබුණා. එම අවස්ථාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. මේ අතර වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත වුණා. එයට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 55 ක් හිමි වුණා. ඒ අනුව වැට් බදු පනත් කෙටුම්පත තුන්වර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත වුණා.
විගමනික ශ්‍රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු කරමින් කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී හමුව හෙට (12) ආරම්භ වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ හෙට (12) ශ්‍රී ලංකාවේ නායකත්වය යටතේ ආරම්භ වන කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී රැස්වීම සම්බන්ධයෙන් අද (11) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිණි. කොළඹ ක්‍රියාවලිය ක්ෂේත්‍ර තුනක් යටතේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම් ශ්‍රී ලංකාවේ නායකත්වය යටතේ දෙසැම්බර් 12 සිට 14 දක්වා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව නිපුණතා සහ සුදුසුකම් හඳුනාගැනීම,…
ඉදිරියේදී සිදු කරනු ලබන විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලිබිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව අවධාරණය කළා. මේ අතර අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විදුලිබිල ඉහළ දැමීම සහ පසුගියදා සිදු වූ විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රිය තත්ත්වයේ පැවති නොරොච්චෝලේ ලක්විජය බලාගරයේ තුන්වන ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කිරීම ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව ජාතික පද්ධතියට අද දිනය තුළ මෙගාවොට් 300 ක ධාරිතාවක් එක් වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ. දිවයින පුරා හදිසි විදුලිය බිදවැටීමක් සිදු වූ පෙරේදා දිනයේ නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය ද අක්‍රිය වූ අතර ඒ අනුව දෙවන ජනන යන්ත්‍රය පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතුණා. තුන්වන ජනන යන්ත්‍රය නඩත්තුවෙන් පසු පෙර සූදානම් තත්ත්වයේ තිබූ අතර එහි මෙගා වොට් 300 ක ධාරිතාව අද දිනය තුළ ජාතික විදුලිබල පද්ධතියට මෙලෙස එක්…
කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර තිබෙනවා . පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඒ අනුව ලබන 15 වැනිදා සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9 සිට මහජන සහන දිනය පැවැත්වෙන බවයි. පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලදී අපේක්ෂිත සහනයක් නොලැබුණු හෝ අනවශ්‍ය ප්‍රමාද වීම් පිළිබඳව යුක්ති සහගත සහ සාධාරණ කරුණු සම්බන්ධයෙන් එහිදී පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම මහජන සහන දිනය තුළින් මහජනයාට ශ්‍රී ලංකා පොලිසිය තුළින් සිදුවිය යුතු සේවය…
ඊශ්‍රායල භාරයේ සිටින සිරකරුවන් නිදහස් කිරීම සඳහා වන ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් සිය භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානය අනතුරු අඟවනවා. දින හතක සටන් විරාමයකින් පසු ඊශ්‍රයාලය කිසිදු සහනයක් ලබා නොදෙමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 18,200 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවද සදහන්. මේ අතර ඔක්තෝම්බර් 7 වනදා සිට ආරම්භ වූ ඊශ්‍රායල – හමාස් ගැටුම්වලින් දරුවන් මිලියනයක් අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. ඒ පිළිබඳ අදහස් දක්වමින් එම සංවිධානය පවසන්නේ දරුවෙකුට ජීවත්වීමට ලෝකයේ ඇති භයානකම ප්‍රදේශය ගාසා තීරය ලෙස හදුනාගෙන ඇති…
මිහින්තලය පුදබිමේ සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම තුළින් පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා . අද පාර්ලිමේන්තුවේ දී පැනයක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ මිහිනතලේ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටි හමුදා නිලධාරීන් ඉවත් කර ඇති බැවින් එහි සංවර්ධන කටයුතු ඇනහිට ඇති බවයි . එසේ සිදු නොකර ඉදිරියටත් එම සංවර්ධන කටයුතු පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසයි මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියේ.
මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව හෙළි වුණා. ඒ් ගැන මා කළ ප්‍රකාශයක් හේතුවෙන් මිහින්තලා විහාරස්ථාන භූමියේ සියලුම යුද හමුදා, නාවික හමුදා, සිවිල් ආරක්ෂක සෙබළුන් ඉවත් කරනවා. විදුලිබල මණ්ඩලය, ජල සම්පාදනය මණ්ඩලයේ යමෙකු ගැන සැකයි කිව්වොත් සියලු භටයන් අයින් කරයිද? මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියම අයින් කරයිද, මේකට හේතුව මගේ කතාවට මෙයාලට උණ ගැනිලා. හමුදාව ඉවත් කිරීම පෞද්ගලික පළිගැනීමක් බව ෙඑතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මෙසේ පැවසුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ මැද මළුවේදී ඊයේ (10) දින පැවැති මාධ්‍ය හමුවකදීයි. එහිදී ධම්මරතන හිමියෝ මෙසේද පැවසූහ. රටේ…
සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලම් දැමීමට සැරසුනු ව්‍යාජ යුධහමුදා නිල හැඳුනුම්පත් සමග පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඔවුන් මංකොල්ල කෑමට සැරසුනු ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් සහ මුදලින් රුපියල් කෝටියක් සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අඹතලේ සේදවත්ත මාර්ගයේ නව කැලණි ගුවන් පාලම යටදී සිදු කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බවයි. එහි දී සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිළධාරීන් සේදවත්ත, තොටළඟ ප්‍රදේශයේ යතුරුපැදි සංචාර යෙදීසිටියදී සැකකටයුතු යතුරුපැදි දෙකක් පරික්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී එහි සිටි එක් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 370…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222