Author: Anura Premakumara

නායයෑමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල – කැළිපනාවෙල ප්‍රදේශයේ තවත් පවුල් 41 ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා. මීට පෙර ද පවුල් 31 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණේ නායයෑමේ ලක්ෂණ මතුවීමත් සමඟ බවයි සඳහන් වන්නේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 279 දෙනෙකු කැළිපනාවෙල ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි.

තව කියවන්​න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවට ලබා දීමට නියමිත දෙවන ණය වාරිකය පිලිබදව තීරණය කිරීම සදහා එහි අධ්‍යක්ෂක මණ්ඩලය අද දිනයේ රැස් වීමට නියමිතව තිබෙනවා එහිදී මේ සදහා ඡන්ද විමසීමක් පැවැත්වීමටද පියවර ගනු  ඇති බවයි  වාර්තා වන්නේ . කෙසේ වෙතත් මෙම දෙවන වාරිකය පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රි ලංකාවට ලැබීමට නියමිතව තිබුනා .

තව කියවන්​න

නව ක්‍රිකට් තේරීම් කමිටුව සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකු පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබා දී තිබෙනවා . ඒ අනුව මෙහි සභාපතිත්වය හිමිව ඇත්තේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග හටයි . එමෙන්ම මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් යන හිටපු ක්‍රීඩකයින් පත් කිරීමට කටයුතු කර තිබෙනවා . ජාතික තේරීම් කමිටුව විසින් 07 දෙනෙකුගේ නම් සඳහා අනුමැතිය ලබා දී ඇති අතර ඒ අතරින් 05 දෙනෙකුගේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙලෙස අනුමත කිරීමටයි කටයුතු කර ඇත්තේ .

තව කියවන්​න

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 23 දෙනෙකු පොලීසිය විසින් ඊයේ රාත්‍රිය වන විට අත්අඩංගුවට ගෙන තිබුණා . වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් ඊයේ දිනයේදී පලාගිය රැඳවියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ . මෙලෙස රැදවියන් 50 දෙනෙකු පමණ එම පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති බව ද වාර්තා වනවා .

තව කියවන්​න

දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් අද දිනයේදී ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා . රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000 කින් වැඩි කල යුතු බව පවසමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ . එමෙන්ම හෙට දිනය වනවිට සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය එක් දිනකට සිමා නොකරන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සදහා වෘත්තිය සමිති 300 ක් පමණ සහය ලබාදෙන බවය ඔහු කියා සිටියේ. මේ අතර තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය…

තව කියවන්​න

වන අලින් ඝාතනය කරන පුද්ගලයින්ට මිනිස් ඝාතනයට සමාන දඬුවමක් ලබා දීය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සදහන් කළා.

තව කියවන්​න

අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුබද්ධ මෙත්සිරි සෙවන වාට්ටු සංකීර්ණයේ අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබුණා. පොලිසිය සදහන් කළේ හිරු රශ්මිය හේතුවෙන් ගොඩනැගිල්ල තුළ උෂ්ණත්වය ඉහළ යාම වළක්වා ගැනීම සදහා යොදන ආවරණයේ මෙම ගින්න හටගත් බවයි. ස්වසන රෝගීන් සදහා වෙන් වූ කොටසේ මෙම ගින්න හටගෙන තිබුණ. කෙසේ වෙතත් මෙම ගින්න මැඩ පැවැත්වීමට හැකි වූ බවයි පොලිසිය සදහන් කළේ. එහි සිටි රෝගීන් 8 දෙනෙකු අනුරාධපුර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

තව කියවන්​න

අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ වාරිමාර්ග ජලාශවල ජල ධාරිතාව සියයට 75ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ තම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 40 ක් වාන් මට්ටමට පැමිණ ඇති බවයි. මේ අතර අධික වැසි හේතුවෙන් හල්දුම්මුල්ල කොට්ඨාශයේ පාසල් 3 ක් වසා දමා තිබෙනවා. එමෙන්ම කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල – උඩුවර ප්‍රදේශයෙන් අද සිට සියලු දුර ගමන් බස් ධාවනය සිමා කර තිබෙනවා. නායයාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ජනතාවයට දැනුම් දෙන්නේ. මේ අතර උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා…

තව කියවන්​න

දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හෙට දිනයේදී ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. රාජ්‍ය සේවක වැටුප සදහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි එම එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ. මේ සදහා වෘත්තිය සමිති 300 ක් පමණ සහය ලබාදෙන බවද ඔහු සදහන් කළා. මේ අතර තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හෙට දිනයේද ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මේ හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවා අඩපණ වී ඇති බවයි. මේ අතර තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ජනතාව…

තව කියවන්​න

පොලිස් නිලධාරින් 25 දෙනෙකු මිහින්තලා පුදබිමේ රාජකාරිය සදහා මේ වන විටත් යොදවා ඇති බව පොලිසිය පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිසි මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සදහන් කළා. පොලිස් නිලධාරින් මිහින්තලා පුදබිමෙන් ඉවත් කරගන්නා බවට කිසිදු ආකාරයේ තීරණයක් ගෙන නොමැති බවද ඔහු මෙහිදි අවධාරණය කර සිටියා.

තව කියවන්​න