Author: Anura Premakumara

ශ්‍රී ලංකාවට මාස 48 ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  විධායක කමිටුව අද රැස්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත්භාවයට පත්වීමෙන් පසුව පැවති සාකච්ඡාවලින් අනතුරුව සිදුකරගත් එකඟතාවයන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කෙරුණා. එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක ණය ආධාරය මීට පෙර හිමිව තිබූ අතර අද රැස්වන විධායක කමිටුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන ණය වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයකට එළඹීමට නියමිතයි.

තව කියවන්​න

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව දැකබලා ගැනීමට ශ්‍රී ලංකා වාසින්ට එළඹෙන 14 වන දා හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. ලබන 14 වන දින රාත්‍රී 9 න් පසුව උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජේ්‍යෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සදහන් කළේ. මෙම උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයතම උල්කාපාත වර්ෂාවෙන් එකක් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ලොකු `ඵණු කිලෝවක මිල එකවරම රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලොකු `ඵණු කිලෝවක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් 450 ක් ලෙසයි. පිටකොටුව තොග වෙළපොලේ මීට දින 2 කට පෙර ලොකු `ඵණූ කිලෝවක් රුපියල් 260 ත් 280 ත් අතර මිලකට පැවති අතර එක්වරම මෙලෙස මිල ඉහළ ගියේ කෙසේ දැයි සැකසහිත බවටයි පාරිභෝගිකයින් පවසන්නේ. ලංකා සතොස ආයතනය ද ලොකු `ඵණු කිලෝවක් රුපියල් 365 කට ඊයේ දිනයේදී අලෙවි කළ බවත් රාජ්‍ය ආයතනයක් එවැනි ආකාරයට මිල වැඩිකරන්නේ කෙසේද යන්නත් පාරිභෝගිකයින් රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. වී එෆ් එම් ප්‍රවෘත්ති කළ විමසීමකදී අනාවරණය වුණේ දිවයිනේ බොහෝ ස්ථානවල එළව`ඵ මිල ගණන් ඉතාමත්…

තව කියවන්​න

ගත වූ දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පුද්ගලයන් දොළොස් දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. අතුරුදන් වූ පිරිස අතර බාල වයස්කාර දරුවන් සිව්දෙනෙකු ද වන බව සඳහන්. අතුරුදන් වූ බාල වයස්කාර දරුවන් අතර බොරලැස්ගමුව, නාදකුඩුඉරුප්පු, සහ හැටන් යන ප්‍රදේශවල පදිංචි 15 හැවිරිදි සහ 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකු ද, යටියන සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි 15 හැවිරිදි දැරියක් ද වන බව සදහන්. ඊට අමතරව නුවරඑළිය ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, පොතුවිල්හි පදිංචි 26 හැවිරිදි කාන්තාවක් සහ එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු ද අතුරුදන් පිරිස අතරට ඇතුළත් වනවා. ඊට අමතරව නොර්වුඩ්හි පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, මොරටුව පදිංචි 75 හැවිරිදි පිරිමි…

තව කියවන්​න

කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ගැටුමෙන් පසුව ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද ලබා දී ඇති බව සදහන්. තුවාල ලැබූ තවත් අයෙක් රෝහල්ගත කර ඇති බව ද පොලීසිය පැවසුවා. ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 7 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා

තව කියවන්​න

ආනයනික පොල්තෙල් හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 1500 ක් පමණ වැසී ගොස් ඇති බව පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. රටේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය මෙටි්‍රක්ටොන් දෙලක්ෂ හතලිස් දහසක් වන අතර ඉන් පොල්තෙල් කිලෝ එක් කෝටි හැත්තෑ හත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබනවා. ඒ සඳහා රුපියල් මිලියන 7891 ක් වැය වන බවයි පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත්තේ. මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සදහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා…

තව කියවන්​න

උපකාරක පන්ති ගුරුවරයකු වන අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ නමැත්තා සහ ඔහුගේ හිටපු බිරිඳ වන අනුරාධනී නමැත්තියට කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුවයි. ඒ අනුව රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කර ඇත. මෙම නියෝගය කර ඇත්තේ 2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන යාම ඇතුළු…

තව කියවන්​න

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම අද පස්වරු 1 න් පමණ පසුව දිවයිනේ සෙසු ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන්. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මේ අතර නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බව…

තව කියවන්​න

කිබුලාඇලේ ගුණාගේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(11) දින වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 18/5/ඩී, මීතොටමුල්ල පටුමග, මීතොටමුල්ල පාර වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපට මාර්ගයේදී කරන ලද වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී කොළොන්නාව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කිඹුලාඇළේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක් සහ විද්‍යුත් තරාදියක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරිය…

තව කියවන්​න

ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පෙරේදා පස්වරුවේ ආරම්භ කළ වර්ජනය අද පස්වරු 4 ට අවසන් වීමට නියමිතයි. මොවුන්ගේ සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා ලිපි සහ පාර්සල් ලක්ෂ 7 ක් පමණ තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බව වාර්තා වනවා. මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 4 ක් ගොඩගැසී තිබෙනවා

තව කියවන්​න